IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කාගෙත් ගෞරවය රකින රටක් හදනවා

(අංජුල මහික වීරරත්න)

සියලු දෙනාගේ නිදහස සහ ගෞරවය සුරකින සුරක්ෂිත රටක් ගොඩනැගීමට  කැප වී ක්‍රියා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දීපවාලී දින පනිවිඩයෙන් පවසයි.

ජනාධිපතිවරයා මෙසේද කියයි.

ලොව පුරා හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන දීපවාලී උත්සවය අද (20) යෙදී තිබේ. විෂ්ණු දෙවියන් නරගාසුරන් නැමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමින්, අධර්මය පරදා ධර්මය ජය ගත් අයුරින් සියල්ලන්ගේ සිත්සතන්හි අඳුර දුරලා ආලෝකය පැතිරේවා‘යි යන ප්‍රාර්ථනය පෙරදැරිව ඔවුහු ආගමික වතාවත්හි නිරත වෙති‍ෙ

මෙම සැමරුමෙන් අයහපතට එරෙහිව යහපතෙහි ජයගැන්ම සංකේතවත් කරයි. මේ වන විට අප අභිමුවේ දැවැන්ත අභියෝගයක් මෙන්ම, මෙරට ඉදිරි ගමනට අකුල් හෙළන විසල් බාධකයක්ව පවතින මත් උවදුර සහ යටිබිම්ගත අපරාධ මැඬලීමට රජය මහත් වෑයමක නිරතව සිටී. සියලු දෙනාගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරමින් එය යහපත් සහ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ඇති අයිතිය ලෙසින් ප්‍රවර්ධනය කිරීම අපගේ මෙම ප්‍රයත්නයෙහි මුඛ්‍ය අරමුණයි. 

ෙඑසේම, අප පුරවැසියන්ගේ පමණක් නොව මෙරට වෙසෙන, මෙහි පැමිණෙන සියලු ජනයාගේ ශාරීරික, මානසික, භෞතික සහ චිත්තවේගීය සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා වන වගකීම වෙනුවෙන් රජයක් ලෙස අපි උර දී සිටින්නෙමු. සියලු ආගම්වාදී, ජාතිවාදී බලවේග පරාජය කරමින් සමාජ සාධාරණත්වය ස්ථාපිත කිරීමටත්, සෑම කෙනෙකුටම සිය සිවිල්, දේශපාලනික සහ සංස්කෘතික අයිතීන් ඇතුළු සියලු අයිතිවාසිකම් බාධාවකින් තොරව භුක්ති විඳිය හැකි, සියලු දෙනාගේ නිදහස සහ ගෞරවය සුරකින සුරක්ෂිත රටක් ගොඩනැගීමටත් අප කැප වී ක්‍රියා කරන බව මෙහි ලා අවධාරණය කරමි.

දීපවාලිය සැබැවින්ම ආලෝක පූජාවකි. දීපවාලි දිනයේදී සෑම නිවසක්ම හෙළි කරමින් දැල් වෙන පහන් සිළෙන් මෙරට ජනතාව ‘පොහොසත් රටක් - ලස්සන ජිවිතයක්’ කෙරෙහි තැබූ අපේක්ෂා ඉටු කිරීමට අප එක්ව යන මාවත තව තවත් එකලු වේවා‘යි ප්‍රාර්ථනා කරමින්  ශ්‍රී ලාංකේය සහ ලෝවැසි සියලු හින්දු බැතිමතුන්ට ස්වකීය සිත්සතන් ප්‍රභාවත් කෙරෙන සුබ දීපවාලී සැමරුමක් වේවායි සුබපැතුම් එක් කරමි. 

 



අදහස් (4)

කාගෙත් ගෞරවය රකින රටක් හදනවා

පම්පෝරියා Monday, 20 October 2025 09:45 AM

මතක ඇතිව කොට් ඩයස්පෝරාවෙ ගෞරවය රකින්න ඕන. නැත්නම් තරහ වෙයි. සංහල රටට නම් හෙන ගැහුවත් මොකද. තමන්ට වැජඹෙන්න පුලුවන් නම්

:       9       7

අරවින්ද මොණරවිල Monday, 20 October 2025 10:59 AM

ප්‍රෙඩි සිල්වාගේ සිංදුවක් තියෙවා, බිරුවට බල්ලෙක් පෙරලේවිද මහ කන්දක් කියලා... මොකද මන්දා පම්පෝරියාගේ කොමෙන්ට් එක දැක්කාම මට ඒක මතක් වුනේ...

:       0       0

Asela Monday, 20 October 2025 10:13 AM

අලුතින් බිහිවන (වර්තමානයේ) වීරයන් යැයි කියා ගන්නා අය සහ නව තරුණයින් මතක තබා ගත යුත්තේ මේ රට බේරා ගත්තේ සොල්දාදුවන් විසින් (ජේවීපී පණ්ඩිතයන් සමහර විට කලින් පැවසූ පරිදි, ඔවුන් වැටුපට පමණක් වැඩ කළ බව), බවයි. අනුර සහ ඔහුගේ කණ්ඩායම දැන් බලතල අල්ලාගෙන සිටින්නේ ඒ නිසායි. මෙම පුද්ගලයින් කණ්ඩායම එය අවබෝධ කරගෙන නොමැති බව පෙනේ.

:       0       0

Gamini Monday, 20 October 2025 03:11 PM

තවත් හොදට පච විදින්න ඕනෙ හොදේ... තව මදි...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 723 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 560 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site