(අංජුල මහික වීරරත්න)
මෙරටට වැඩි වශයෙන් ඩොලර් ලබා ගැනීමට කංසා වගා කිරීමේ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබෙන අතර ඒ අනුව සති දෙකක් ඇතුළත ඊට අදාළ ගැසට් පත්‍රිකාව නිකුත් කරනු ඇතැයි සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.
මෙම වසර අවසන් වන විට විදෙස් සංචාරකයන් ලක්ෂ 15ක් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව සංචාරක රාජ්‍ය අමාත්‍යවරිය කීවාය.
මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට වගකිව යුතු රජයක් ලෙස අවශ්‍ය පියවර ගෙන තිබෙන බවත්, සංචාරකයන්ට සිදුවන අපහසුතා වලක්වා ගැනීමට විශේෂ කුළී රථ සංගම් පිහිටුවීමට ද සැලසුම් කර තිබෙන බවත් රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය. සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මේ බව සඳහන් කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (27) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
මෙරටට සංචාරක ආකර්ෂණය වැඩි නගර නොනිදන නගර බවට පත් කිරීමේ අවශ්‍ය බවද රාජ්‍ය අමාත්‍යවරිය කීවාය.
COMMENTS
අතිගරු ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිසයි .කෙසේ හෝ ශිෂ්ට සමාජ විෂමාචාර යැයි කැබිනට් ඇමතිධූරයක් ඇතිකරන්න .දැනටමත් සුදුසුකම් ලාබියෝ පසුබිම සකස්
වවන්න ගැසට් පත්‍රය නිකුත්කලාට විතරක් මදි වවන අයට ළග තබාගන්න අවසරය තියෙන්නම ගැසට් කරන්න නැත්නම් ඉතින් වගාව විනාශ නොකලත් අස්වැන්න විනාශ කරාවිද කියලා හිතෙනවා
කංසා වලට මාකට් එකක් දැනට ලෝක වෙළඳපලේ නැහැ , අපනයනය කරන්න පුළුවන් රටවල් දෙන තුනයි තියෙන්නේ එකට රටවල් සියයක් විතර තරඟ කරනවා , ලඟදි නිතිගත කරපු තායිලන්තයත් තවම අපනය කරලා ඩොලර් හොයල නැහැ , මිට වඩා හොඳ නැත්ද ලෝකෙම හොයන.ඉල්ලන අපේ "කුරුදු" ඉල්ලුමට සැපයුමක් දෙන්න පුළුවන් විදිහට වගා කරානම් ,ඇයි මේ මෙයාගේ මේ තේරුමක් නැති යෝජනා වලට පාර්ලිමෙන්තුවේ කවුරුවත් විස්තර හොයල බලල අදහස් ප්‍රකාශකරන්නේ නැත්තේ
අරක්කු අඩු වෙයි
කංසා වගාවට එරෙහි වන හාමුදුරුවරැන් පලමුව කංසා වගාව තහනම් කලේ කවුදැයි සොයා බැලිය යුතුය. එය බෞද්ධ ප්‍රතිපත්තීන්ට නොගැලපේ නම් පෙර රජවරැන් එය තහනම් නොකලේ මන්දැයි විමසිය යුතුය. තංසා මෙන්ම ඕනෑම මත් ද්‍රව්‍යයක් අවභාවිතය හානිදායකය එනිසා වැලැක්විය යුත්තේ එයයි.
දැන් ඉතින් කරන්න දෙයක් නැ. රට කාපු උන්ගේ සේරම. සාමාන්‍ය මිනිස්සුන්ට වේසකමේ යන්න උනේ. ඩයනට වැරද්දක් කියන්න බැ දුර්බික්ෂයක් ඇත ලග. ගස්වල අතු පොතු කන්න වෙනවට වඩා හොදයි කුමක් හෝ තෝරාගන්න එක.
නමට පමණක් සීමා වුන බෞද්ධ රටක් මේක .මේක හොඳ තීරණයක් . මීට වඩා අසික්කිත වැඩ මේ රටේ සිද්ධ වෙනවා
ඊට ඉස්සරවෙලා මෙන්න මේ කට වාචාල අනවසර ඇමති එළවලා දාමු
බයියන්ටනම් දැන් සැප තමයි
දැන් එතකොට නිදාගන්නෙත් ත්‍රෛලෝක පත්‍ර දාපු ඇඳක් උඩද?