(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව ඖෂධ ගෙන්වීම සඳහා ලබාදුන් මුදල් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව නිසියාකාරව පාවිච්චි කර නැති බව කෝප් කමිටුවේදී පැහැදිලිවම තොරතුරු හෙළි වූ බව සමගි ජන බලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී අද (29) පැවසීය.
රටට ගේන ඖෂධ ආරම්භයේ නියාමනය කළාට සාම්පල පරීක්ෂාවක් නිසියාකාරව සිදු නොවන බවට චෝදනා කළ මන්ත්‍රීවරයා මේ හේතුවෙන් එක් ඖෂධයක් අනුමත කරගෙන වෙනත් ආකාරයක ප්‍රමිතියක් නැති ඖෂධ ගෙන්වීමේ ඉඩකඩක් පවතින බවද ප්‍රකාශ කළේය.
ඖෂධ ප්‍රසම්පාදනය වංචනිකයන් පිරිසකට නතුවී ඇත්දැයි සැකයක් මතුවන බවද ඔහු කීවේය.
රණවක මහතා මෙසේ පැවසූවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඖෂධ ගේන්න දුන් මුදල්වලට වෙච්ච දේ පාඨලී හෙළි කරයි
ganegoda Tuesday, 29 November 2022 07:00 PM
අර නන්දසේන රාජපක්ෂයගෙ ඇඳයට තිබිලා හොයා ගත්ත මුදල් සහ ඖෂධ ගැනද ඔය කියන්නේ.
nimal Tuesday, 29 November 2022 07:31 PM
ලබාදුන් මුදල් ඉහල පොලියකට කොහේ හෝ invest කර තිබෙන්නට හැකියාවක් පවතී.
sharm warn Wednesday, 30 November 2022 02:16 PM
එව්වායින් අරගල කරන ජනතාවට ගහන්න වතුර විදින ට්‍රැක් සහ ලාබෙට කඳුළු ගෑස් ගහන්න ඇති...