IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඕස්ට්‍රේලියාව දොර වැහුවාම නවසීලන්තයට හැරේ

ඉන්දුනීසියාවේ සරණාගත කඳවුරක රැදී සිටින ලාංකිකයින් ඇතුළු සරණාගතයින් 65 දෙනෙකු විසින් ඔවුන් නවසීලනතයට බාර ගන්නා ලෙස නවසීලන්ත රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි තානාපති ආරංචි මාරග පවසයි.

බංගලිදේශ හා මියන්මාර  ජාතිකයෝද එහි වෙති. මෙම පිරිස නවසීලන්ත රජයට යොමු කළ ලිපියෙන් තවදුරටත් දැනුම්  දී ඇත්තේ දේශපාලන ගැටලු හා තවත් කරුණු මත පදනම්ව තමන් ඇතුළු  පිරිස  මව් රටවල් වලින් පලා ආ බවය.

මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවට ඇතුළු  වීමට උත්සාහ කළ මෙම ලාංකිකයින්  ඇතුළු නීතිවිරෝධී සංක්‍රමණිකයන් 65 දෙනා ඉකුත් 2වැනිදා ඉන්දුනීසියාවේ දූපතකට හරවා යැවීමට ඕස්ට්‍රේලියා පියවර ගත්තේය. ඒ සඳහා දෙරට අතර ගිවිසුමක් පවතී.

 



අදහස් (0)

ඕස්ට්‍රේලියාව දොර වැහුවාම නවසීලන්තයට හැරේ

දුමින්ද Sunday, 07 June 2015 02:15 PM

වැරදි පූර්වාදර්ශයක් (නදී)

:       0       0

නුවන් Sunday, 07 June 2015 03:36 PM

නිහාල්, නොදන්නා දේවල් කියන්න එපා. ඕස්ට්‍රේලියාවේ වර්ණභේදය නැහැ. මමත් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ.මේක සියලු ජාතීන්ට සමානව සළකන ප්‍රජාතන්ත්‍රවාදී රටක් (නි)

:       0       0

රසික Sunday, 07 June 2015 05:10 PM

ලංකාවේ නම විනාශ කරලා, මෙහෙ අමාරුවෙන් ජීවත්වෙන මිනිසුන්ගේ පිටට තවත් ජාත්‍යන්තර ප්‍රශ්න පටවන බඩගෝස්තරවාදී මිනිසුන්! (නි)

:       0       0

පෙරේරා Sunday, 07 June 2015 06:31 PM

ලංකාවේ ඉඳලා නවසීලන්තයට මේ කබල් බෝට්ටු වලින් යන්න පුළුවන් කියලා හිතනවා නම් එහෙම යන්න කලින් ලෝක සිතියමක් අරගෙන බලන්න රටවල් දෙක කොහෙද තියෙන්නේ කියලා. (නි)

:       0       0

අමල් Sunday, 07 June 2015 11:17 AM

නවසීලන්තයේ නෙවෙයි අර ඕස්ට්‍රේලියාවේ නාමල්ගේ ගෙදරට නම් මේ අයව භාර ගනීවි (නදී)

:       0       0

නිලංග Monday, 08 June 2015 01:33 AM

මේගොල්ලන්ට ඕස්ට්‍රේලියාවේ ඉන්න අපි සළකන්නේ නැහැ කියලා ඇඟට ගොඩවුණ දුක්ගන්නා රාළ කෝ අද? (නි)

:       0       0

සඳුන් Monday, 08 June 2015 01:35 AM

නිහාල්, ඔයාට ටිකක් වැරදිලා. පුරවැසිබාවය අහෝසි කරන්න යන්නේ ත්‍රස්ත වැඩවලට සම්බන්ධ වෙන අයගේ. ඒක වෙන කතාවක්. ඕස්ට්‍රේලියාවේ වර්ණ භේදය තිබිලා තියෙන්නේ ඉස්සර. (නි)

:       0       0

නිහාල් Sunday, 07 June 2015 11:58 AM

පෙර පුරවැසි බාවය ගත්තු අනවසර සංක්‍රමනිකයන්ගේත් පුර වැසි බාවය අවලංගු කර පිටුවහල් නීති එනවා. ඔස්ට්‍රේලියාව බේද වලට ප්‍රසිද්ද රටක් ප්‍රධාන වර්ණ බේදය (නදී)

:       0       0

ගයාන් Sunday, 07 June 2015 12:23 PM

මේ මිනිස්සු මෙහෙම දුක් විදගෙන යන්නේ තමන් උපන් රටේ හොද ජීවිතයක් ගත කරන්න බැරි නිසානේ... මේවාට ඒ රටවල පාලකයොයි වගකිව යුතුයි.(නදී)

:       0       0

නෙලුම් Monday, 08 June 2015 02:34 AM

වර්ණභේදය විතරක් නෙවෙයි නිහාල් ඔස්ට්‍ර්ලියාවේ උස් පහත් භේදයත් නැහැ. කඩේට බඩු ගන්න ගිය වැසිකිලි පිරිසිදු කරන්නාටත් සමාගම් අධ්‍යක්ෂකටත් එකම විදියේ පිළිගැනීමක් ලැබෙන්නේ. ලංකාවේ වගේ රැකියා සමාජ තත්ත්ව අනුව මිනිස්සුන්ට දෙවිදියකට සලකන්නේ නැහැ. නීතියත් හැමෝටම එකයි. අගමැති වාහනය පදව ගෙන ගිහින් ට්‍රැෆික් නීති කැඩුවොත් ඔහුටත් දඩ ගහනවා. ඔහුත් මේ අපි වගේ ආදායම් බදූ ගෙවනවා. (නදී)

:       0       0

නිහාල් Sunday, 07 June 2015 01:33 PM

දුප්පතුන්ට මේ ගමන යන්න බැහැ. ලංකා මුදලින් නම් ලක්ෂ 10,12 අය කරනවා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site