IMG-LOGO

ඕක්ලන්ඩ් නුවරට අගුළු දමයි

 

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් තිදෙනකු හමු වීමත් සමඟ නවසීලන්තයේ විශාලතම නගරය වන ඕක්ලන්ඩ් නගරයට අගුළු දැමීමට එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩෙන් අද (14) පියවර ගත්තාය.

නවසීලන්තය මාස හයකට පසු අගුළු දැමීම හෙවත් ‘ලොක්ඩවුන්’ සීමා පැනවූ පළමු අවස්ථාව මෙය විය. ලක්ෂ පනහකට ආසන්න පිරිසක් ජීවත් වෙන නවසීලන්තයෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 25 කි.

නව කොරෝනා වයිරසය ඉතා හොඳින් පාලනය කළ රටක් ලෙස නවසීලන්තය ලොව පුරා පිළිගැනීමට ලක්විය.

මෙම නව සීමා සමඟ තෙවැනි මට්ටමේ ලොක්ඩවුන් සීමා ක්‍රියාත්මක වන අතර අද (14) රාත්‍රියේ සිට එම සීමා ක්‍රියාත්මක වේ. එම සීමාවලට අනුව අත්‍යවශ්‍ය සේවා හැර පාසල් සහ ව්‍යාපාර ආදී සියල්ල වසා දැමේ.

‘‘ඕක්ලන්ඩ් වැසියන්ගෙන් අපි ඉල්ලන එක දෙයක් තියෙනවා. ගෙදරට වෙලා ඉන්න. වයිරසය පැතිර යෑම නතර කරන්න’’ යැයි ආඩෙන් ප්‍රකාශ කළාය.

‘‘මේ පැතිර යන්නේ යන්නේ සම්ප්‍රේෂණය වැඩි විකෘති ප්‍රභේදයක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි ලොක්ඩවුන් සීමා පනවනවා. පැතිර යෑම වැඩි ප්‍රභේදයක් නම් අපට දැඩි විමසිල්ලෙන් ඉන්න වෙනවා’’ යැයි ද ඇය කීවාය.

ඕක්ලන්ඩ් නුවර එකම පවුලකට තිදෙනකුට මෙලෙස නව කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙන අතර ඔවුන්ට ආසාදනය වී ඇත්තේ සම්ප්‍රේෂණය වැඩි නව සහ විකෘති ප්‍රභේදයක් යන්න සොයාබැලීමට නවසීලන්ත සෞඛ්‍ය බලධාරීහු අද පියවර ගත්හ. ඔවුන් තිදෙනාට වයිරසය ආසාදනය වූ මූලාශ්‍රය කුමක්ද යන්න අද පස්වරු වනවිටත් අනාවරණය වී නොතිබිණි.

ඕක්ලන්ඩ් නුවර නවසීලන්තයේ ඉතිරි නගරවලින් වටවී තිබෙන්නකි. මේ නිසා අනෙකුත් නගර සහ මෙට්‍රෝ නගරවල සිටි ඕක්ලන්ඩ් නුවරට ගමන් කිරීමද ඉදිරි දින තුන සඳහා දැඩි ලෙස සීමා කරන බව නවසීලන්ත බලධාරීහු කීහ.

රටේ ඉතිරි කොටස් නව කොරෝනා වයිරසයේ දෙවැනි අවදානම් මට්ටමට යටත් වන බවත් ජනතාව පොදු ප්‍රවාහනයේදී මුඛ ආවරණ පැලඳිය යුතු බවත් එක් අවස්ථාවකට රැස්විය හැකි උපරිම ගණන 100 ක් බවත් ජසින්ඩා ආඩෙන් කීවාය.

(ඒ.එෆ්.පී.)

055



අදහස් (1)

ඕක්ලන්ඩ් නුවරට අගුළු දමයි

sachith Sunday, 14 February 2021 12:52 PM

මෙන්න මෙහෙමයි හරියට වයිරසයක් පාලනය කරන්නේ.. නැතිව තාම සමාජගත වෙලා නැහැ කියලා යිලා කිය කිය ඉන්නේ නැතිව.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 286 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 458 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site