ලන්ඩන් නුවරදී දැන් පැවැත්වෙන 30 වැනි ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට චීනයේ ලින් ඩෑන් අද(5) සමත්විය. ලින් ඩෑන්, ලෝක බැඞ්මින්ටන් සම්මේලන ශ්‍රේණිගත කිරීමේ (ක‍්‍රීඩක) පළමු ස්ථානයේ සිටින ක‍්‍රීඩකයාය.
ලින් ඩෑන්ගේ දිනාගත් මෙම රන් පදක්කමත් සමග පදක්කම් සටහනේ පෙරමුණේ සිටි ඇමරිකාව සම කිරීමට චීනය සමත්විය. පිරිමි යුගල ඉසව්ව ජයගත් චීනය යළිත් ඇමරිකාව අභිබවමින් රන් පදක්කම් 28 ක් ලබා පෙරමුණ ගත්තේය.
ලින් ඩෑන් සහ මැලේසියාවේ ලී චන්ග් වයි අතර පැවැති අවසන් තරගයෙන් ඩෑන් තරග වට 2/1 ක තියුණු ජයක් ලැබීය. මැලේසියානු ක‍්‍රීඩකයා ලෝක බැඞ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයේ සිටින ප‍්‍රබල ක‍්‍රීඩකයාය. 21/15, 10/21, 21/19 ක් ලෙස තරගයේ ලකුණු සටහන් විය.
රන් පදක්කම් ලාභී ඩෑන්, අවසන් වරට 2008 වසරේ පැවැති බීජිං ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනාගත් ක‍්‍රීඩකයා වේ. ඩෑන් හමුවේ එහිදී පරාජය වුයේ ද ලී චන්ග් වයි ය.
ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිලූක කරුණාරත්න පරදවා අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබාගත් ඉන්දියාවේ කාශ්‍යප් පරුපල්ලි එහිදී ලී චන්ග් වයි හමුවේ පරාජය ලැබීය. කාන්තා කේවළ ඉසව්වේ රන් සහ රිදී පදක්කම් දෙකම චීන ක‍්‍රීඩිකාවෝ දිනාගත් අතර ඉන්දිය ක‍්‍රීඩිකා සානියා නිවාල් ලෝකඩ පදක්කම හිමිකර ගත්තේය.
බැඞ්මින්ටන් ක‍්‍රීඩාවෙන් ලොව ඉදිරියෙන්ම සිටින චීනය මෙවර ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී පැවැති පිරිමි කේවළ, කාන්තා කේවළ, පිරිමි යුගල, කාන්තා යුගල සහ මිශ‍්‍ර යුගල යන බැඞ්මින්ටන් ඉසව්ව පහේම රන් පදක්කම් දිනා ගැනීම කැපී පෙනේ.

2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් ශූරයා ලින් ඩෑන්
සරා Tuesday, 07 August 2012 04:44 AM
මීලග සුරයා ලී චොන්ග් වෙයි මලෙශියාවෙන් (දී)
අමිල කටුනායක Sunday, 05 August 2012 09:05 PM
අපට උදවු කරන රටක්නේ. ඒ නිසා අපිටත් හරිම සතුටුයි. සුභ පැතුම්! (නි)