
යුද්ධය නතර කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සහ ඉරානය අතරේ සාකච්ඡා පැවැත්වෙන්නේ නම්, එම සාකච්ඡාවලට ඊශ්‍රායලයේ කිසිදු සම්බන්ධයක් හෝ දායකත්වයක් හෝ නොමැති බවඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඊශ්‍රායල තානාපති ඩැනී ඩැනන් පවසා ඇත.
ඩැනී ඩැනන් මෙසේ පවසා ඇත්තේ, එක්සත් ජාතීන්ගේ මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිණි. සාකච්ඡා කෙසේ වෙතත්, ඊශ්‍රායලය සහ ඇමරිකාව එක්ව ඉරානයේ හමුදා ඉලක්ක වෙත අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන බවත්, එය ඉදිරියටත් සිදුකරන බව ඩැනී ඩැනන් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.
“ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියනවා, ඔහුගේ කණ්ඩායම ඉරාන නායකත්වය සමග සාකච්ඡා කරන බව. ඒ කිසිවක් ගැන අප (ඊශ්‍රායලය) දන්නේ නැහැ. ඒ සාකච්ඡා සඳහා අපේ කිසිදු සම්බන්ධයක් නැහැ” යැයි ඩැනී ඩැනන් පැහැදිලි කර ඇත.
මේ අතර, ඇමෙරිකාව සමග එක් වී එල්ල කරන ප්‍රහාරවලින් ඉරාන රජය අඩපණ කිරීමේ වටපිටාව නිර්මාණය කර ඇති බවත්, ඉරානයට එල්ල කරන ප්‍රහාරවලින් ජයග්‍රහණ රාශියක් අත්පත් කර ගැනීමට හැකි වී ඇති බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මද පෙරදිග සාමයට තිබෙන විශාල භාදාවක් මේ ඉස්රලේ කියන රට , ඇමරිකාව යුද්ධේ නවත්වල යම්කිසි සාමකාමී වැඩ පිළිවෙලකට යන්න හැදුවත් ඔක්කොම අවුල් කරන්නේ මේ ඉස්රලේ , මේ මිනීමරු රට නිසා දුක් විදින්නේ මේ යුධ වලට කිසිම සම්බන්ධයක් නැති දුප්පත් රටවල් ජීවත්වෙන අපි වගේ මිනිස්සු ,අරාබි රටවල් ඔක්කොම එකතුවෙලා මේකට ගහලා ෆ්ලැට් කරලා දමන්න ඕනේ ඊට පස්සේ පුළුවන් සාම සාකච්චා පවත්වන්න නැතිනම් මොසාඩ් එක ඔක්කොම අවුල් කරනවා
ලෝක විනාශය දක්වා ගෙනයන එකම හේතුවේ.