IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඔමික්‍රෝන් ගැන සූදානමින්: වයිරසයක් එන එක සදහටම නවත්වන්න බෑ

(සුජිත් හේවාජුලිගේ )

දකුණු අප්‍රිකාවෙන් සොයා ගත් ඔමික්‍රෝන් නව කොවිඩ් වයිරස ප්‍රභේදය ගැන ශ්‍රී ලංකාව හොඳ සූදානමක සිටින බවත් එම වයිරසය රට තුළට පැමිණීම හැකිතාක් ප්‍රමාද කළ යුතු බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යන ආයතනයේ අධ්‍යක්ෂ, ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.

ඕනෑම වයිරස ප්‍රභේදයක් පැමිණීම සදහටම නැවැත්විය නොහැකි බවද හෙතෙම සඳහන් කළේය.

මෙම වයිරස ප්‍රභේදය ශ්‍රී ලංකාවේ හඳුනාගැනීමට පරීක්ෂණාගාර පහසුකම් ඇති බව පැවසූ ජීවන්දර මහතා මේ ගැන අනියත බියක් ඇතිකර ඇතිකර ගත යුතු නැතැයිද සඳහන් කළේ‍ය.

දැනට රජයේ මගින් සිදුකරගෙන යන කොවිඩ් මර්දන කටයුතු සාර්ථක බවත් විදේශිකයින් මෙරටට පැමිණීමේදී දැනට පනවා ඇති නීතිරීති ප්‍රමාණවත් බවත් ඔහු කීවේය .

දකුණු අප්‍රිකාවෙන් සොයාගත් ඔමික්‍රෝන් නම් කොවිඩ් වයිරස නවතම ප්‍රභේදයේ "s" ජානය ආශ්‍රිතව විකෘතිතා 30ක් පමණ දක්නට ලැබෙන බවද ආචාර්යවරයා පැවසුවේය.

බූස්ටර් එන්නතින් ප්‍රතිශක්තිය ඉහළ යන හෙයින් ඔමික්‍රෝන් පැමිණියත් බියක් විය යුතු නැති බව පැවසූ ජීවන්දර මහතා ජනතාව නියමිත සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම ඉතා වැදගත් බවද අවධාරණය කළේ‍ය.

බූස්ටර් එන්නත ලබාගැනීම මේ මොහොතේදී අනිවාර්යයෙන්ම කළ යුතු බවආචාර්ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (4)

ඔමික්‍රෝන් ගැන සූදානමින්: වයිරසයක් එන එක සදහටම නවත්වන්න බෑ

සමන්ත Saturday, 27 November 2021 10:23 PM

මට හරි සැකයි.., මේ කවුද කතා කතා කරන්නේ කියලා. අපි දන්න තරමට නම් ෆයිසර් එක හෝ බයොන් ටෙක් ආයතනය හෝ වෙන කවුරුවත් තවම හරියට මේ වයිරසය ගැනවත් බූස්ටර් එන්නතකින් පාලනය කළහැකි බවක්වත් දන්නේ නෑ. තවම පර්යේෂණ කරමින් හොයනවා. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී පවා කිව්වේ ඒක. ආයතනයවත් ප්‍රකාශයක් කරලත් නෑ. එතකොට ආචාර්ය ජීවන්දර මෙහෙම ප්‍රකාශයක් කළේ ඇයි? එය විද්‍යාත්මක ප්‍රකාශයක් නෙමේ...

:       1       3

kapila Sunday, 28 November 2021 12:28 AM

දැන් නියමෙට ආණ්ඩුවට කඩේ යනවානේ. බොහොම හොඳයි.

:       2       3

Sriland Sunday, 28 November 2021 01:39 AM

බොරදියේ මාළු බාන්න එපා... කොරෝනා කියන්නේ තනිකරම බොරුවක් ....

:       4       2

jayanti Sunday, 28 November 2021 09:46 PM

වෛරසය මුලිනුපුටා දැමීමේ අරගලයක් ලෝක කම්කරු පන්තිය අතට ගත යුතුයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 79 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site