IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


‘ඔබ නැතිව ඔබ එක්ක‘ ලන්ඩන් චිත්‍රපට උළෙලට

ශ්‍රී ලංකා චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්නන විතානගේ ගේ අලුත් චිත්‍රපටය ‘ඔබ නැතුව ඔබ එක්ක‘මේ වසරේ ලන්ඩන් සිනමා උළෙලට තෝරා ගෙන ඇත. තිර රචනයත් සිනමා රූප රාමුත් අශ්චර්යවත් ලෙස යොදා ගනිමින් ප්‍රසන්න විතානගේ ඔහුගේ හොඳම චිත්‍රපටය නිපදවා ඇතැයි ලන්ඩන් චිත්‍රපට උළෙලේ සංවිධායකයෝ කියති. යුද සමයේ බියකරු අතීතයකට මුහුණ දෙන සිංහල හා දෙමළ පෙම්වතුන් දෙදෙනකු වටා මේ චිත්‍රපට ගොඩනැඟී ඇත. සෙල්වි අවතැන් වූ ලස්සන දෙමළ තරුණියක අන්ජලී පටිල් ඒ චරිතයට පණ පොවයි. තමා ළඟ තුබූ අවසන් රන් අබරණ ටික උගස්කරන්නට යද්දී ඇයට මැදි වයසේ උගස්කරුවෙක් හමුවෙයි. ඔහු බෞද්ධයකි. උගස්කරු ඇයට වශී වෙයි. අය සිටින තැනට යයි. සෙල්වි නාකි මිනිසකු සමග විවාහවීමට යන බව දැනගනී. ඇය හා විවාහවීමට ඔහු සැරැසෙයි. සෙල්වි ඇය හා පෙමින් බැඳේ උගස්කරු ඇගේ ගැලැවුම්කරුවා වෙයි. එහෙත් දෙන්නාම සිය අතීතය ගැන කතා නොකරයි. එහෙත් ඒ ගොළුවත පවතිනුයේ උගස්කරුවාගේ පරණ හමුදා මිතුරකු හමුවී භායානක හෙයක් කියන තුරු පමණි. ලන්ඩනයේ රිච්  මික්ස්, බෙත්නල් ග්‍රීන් හා අයිසීඒ සිනමාහල්හි ලබන 13 වැනි දා සිට මේ චිත්‍රපටය තිරගත වේ. ටිකට් සියල්ල ද විකිණී ඇත. චිත්‍රපට උළෙල ලබන 10 වැනි දා ඇරැඹී 21 වැනි දා තෙක් පැවැත්වේ. ප්‍රසන්න විතානගේ ගේ චිත්‍රපටයට අමතරව ශ්‍රී ලංකාවේ දී නිපද වූ තවත් චිත්‍රපටයක් තිරගතවේ.  මැදියම් රෑ ළමයි‘ යනුවෙන් දීපා මේතා ඉන්දියා අධ්‍යක්ෂවරයකු විසින් ඒ චිත්‍රපටය නිපැදවිණි. 2011 පෙබරවාරියේ සිට මැයි දක්වා ශ්‍රී ලංකාවේ එම චිත්‍රපට රූගත  කළ නමුත් මූලධර්මවාදීන්ගේ විරෝධතාවලට බියෙන් ඔහු ඒ සියල්ල රහසිගතව තබා ගත්තේය



අදහස් (0)

‘ඔබ නැතිව ඔබ එක්ක‘ ලන්ඩන් චිත්‍රපට උළෙලට

ඉනෝකා Wednesday, 03 October 2012 05:44 PM

මේ ගැන අදහස් දක්වන්නට කල්වැඩියැයි සිතමි. මෙහි අන්තර්ගතය තවම දන්නේ නැත. කොහොම වුණත් අපේ හමුදාවට හා සිංහල ජාතියට ගැරහීමක් වේ නම් සුද්දන් උනන්දුවෙන් ඊට සම්මාන දෙනු ඇත. රට ජාතිය පාවාදී බඩ වියත ‍රැකීම නින්දිත වූ ක්‍රියාවකි. මේ තුළින් එවැන්නක් දකින්න නොලැබේවායි ප්‍රර්ථනා කරමි. (නි)

:       0       0

ක්‍රිෂාන් Wednesday, 03 October 2012 01:27 PM

‍ඔබත් නිර්මාණ රැල්ලට හසුවුණා එහෙනම්? (නි)

:       0       0

දුමින්ද Wednesday, 03 October 2012 01:40 PM

අප සැමගේ සුබ පැතුම් (ස)

:       0       0

රුවන් Wednesday, 03 October 2012 07:25 PM

ජිනේ හරි...(නු)

:       0       0

චිරන්ජවී Thursday, 04 October 2012 09:50 PM

මම දන්න විදියට නම් දීපා මේහ්තා කියන්නේ ඉන්දියානු සම්භවයක් සහිත කැනඩාවේ පදිංචි අයෙක්. සල්මන් රුෂ්ඩි ගේ මිඩ්නයිට්ස් චිල්ඩ්‍රන් නමැති පොතේ කථාව චිත්‍රපට ගත කළේ අපේ රටේදි 2011 දී. (නි)

:       0       0

පියල් Wednesday, 03 October 2012 02:39 PM

ලංකාව පාවා දීලා ඇති, සම්මානයකුත් හම්බවෙයි, (ස)

:       0       0

අමිල කටුනායක Wednesday, 03 October 2012 09:40 PM

එතුමාගේ ච්ත්‍රපටි හොදයි. කවුරුත් ගරහන්න අවශ්‍ය නැහැ. (නි)

:       0       0

සිල්වා Wednesday, 03 October 2012 02:47 PM

මෙයා අර බඩ දනව‍ට බොන ඒව බීලද දන්නෑ මේ ඉන්නෙ! (ස)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 03 October 2012 02:53 PM

මෙයාගේ චිත්‍රපටි වල‍ට සම්මාන ලැබෙනවාමයි (ස)

:       0       0

රසික Wednesday, 03 October 2012 11:22 AM

හමුදාව, යුද්දෙ ,දෙමළ, නොගෑවෙන්න චිත්‍රපටියක් හදන්නම බැහැ , යුද්දෙ උවමනාමයි විකුනන් කන්න.... (ස)

:       0       0

මනෝහරන් Wednesday, 03 October 2012 11:42 AM

මිනිසුන් වර්ග හැටියට බෙදලා යුද්ද නිර්මාණය කරපු අය ගැන චිත්‍රපටි හදන්නේ කවුද ? (ස)

:       0       0

ලසන්ත Wednesday, 03 October 2012 03:38 PM

හොද නිර්මාණයකට හමුදාව, යුද්දෙ ,දෙමළ, ප්‍රශ්නයක් නැත. ප්‍රශ්න තියෙන්නෙ අපි වගේ ආඩම්බර, නොදියනු අයටයි. අපේකම කියල ආඩම්බර උනාට බංගලිදේයටත් වඩා අන්තයි දැන්.. (ස)

:       0       0

නිවන්ත Wednesday, 03 October 2012 03:50 PM

සිංහලකමට, බෞද්ධකමට මෙහෙම අපහාස කරන එක වැරදියි (නි)

:       0       0

සුගත් Wednesday, 03 October 2012 03:56 PM

මොකක්ද මේ අපේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ? (නි)

:       0       0

ජිනේ Wednesday, 03 October 2012 04:01 PM

ඔය කෑ ගහන අය එක්කෙනේවත් ෆිල්ම් එක බැලුවද ? නිකන් තම තමන්ගෙ හිතේ හැටියට අදහස් දාන්න එපා.. දෙයක් හරියට දන්නේ නැතිව (ස)

:       0       0

සනුල් Wednesday, 03 October 2012 12:24 PM

හමුදාවටත් සිංහල ජාතියටත් අපහාස වන විදිහෙ කතා පුවතක් නම්, මේ චිත්‍රපටියට සම්මානයක් අනිවාරයෙන්ම ලැබෙනවා. (ස)

:       0       0

සානුල් Wednesday, 03 October 2012 05:03 PM

ජිනේ, බොරු පණ්ඩිත කතා කියන්න එපා. සදහන් කරලා තියෙන විස්තර වලිනුයි, අධ්‍යක්ෂකගෙ නමයි දැක්කහම අපිට හිතා ගන්න පුලුවන් කතාව මොකක්ද කියලා. ඒකට තමයි කියන්නෙ උද්ගමනය කියලා. බටහිර විද්‍යාවේදී ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන ගැන කතා කළාට කවුරුත් ඒවා දැකලා නැහැනෙ. ඒ වුණාට ඒවා තිබෙන බව පිළිගන්නවා. ඒ වගේ තමයි මේකත්, දකින්නම ඕනෑ නැහැ තියෙන්නෙ මොනවද කියලා කියන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site