IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


‘‘ඔබෙි අනාගතය රකින්න වරම දෙන්න‘‘

(අංජුල මහික වීරරත්න)

රටේ නව ආර්ථික සහ දේශපාලන පරිවර්තකයක් කිරීමට තමා ආරම්කර තිබෙන වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන ගොස් මෙරට සියලු ජනතාවගේ අනාගතය සුරක්ෂිත කිරීමේ ජනවරම තමා වෙත ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමස්ත රටවැසි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කළේ ඊයේ (15) පෙරවරුවේ රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ නාම යෝජනා පත්‍ර බාර දීමෙන් අනතුරු මාර්ගය දෙපස රැස්ව සිටි ආධාරකරුවන් අමතමිනි.

මැතිවරණයක් පැවැත්වීමට තබා ආණ්ඩුව ගෙන යාමට නොහැකි වනු ඇතැයි බොහෝ දෙනා සිතූ රටක් වසර දෙකක් ඇතුලත ස්ථාවර තත්ත්වයකට ගෙනවිත් ජනාධිපතිවරණය ද පැවැත්වීමට හැකි පසුබිමක් නිර්මාණය කළ තමාට රට මින් ඉදිරියට ගෙන යාමේ ශක්තිය ද ඇති බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය ක‍ළේය.

රට ආර්ථික අර්බුදයකට පත් වු අවස්ථාවේ එය විසඳීමට අත නොගැසු නායකයන් ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට සුදුසුදැයි ජනතාව තීරණය කළ යුතු බව පැවසු ජනාධිපතිවරයා එදා ගිනි ගත් රටේ නීතිය සහ සාමය ආරක්ෂා කරමින් ආර්ථික වශයෙන් රට ඉදිරියට ගෙන යාමට තමා කටයුතු නොකළානම් අද බංග්ලාදේශයේ ඇතිව තිබෙන තත්ත්වයට ශ්‍රී ලංකාවට ද මුහුණ දීමට සිදුවන බව පෙන්වා දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

අගමැතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට, රාජ්‍ය අමාත්‍යවරන්ට මන්ත්‍රීවරුන්ට මෙන්ම ආණ්ඩුවට සහාය ලබා දුන් සියලුදෙනාට මම මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා.

මා මේ රට භාරගත්තේ 2022 ජූලි මාසයේදී ජනාධිපති මන්දිරය, ජනාධිපති කාර්යාලය, අරලියගහ මන්දිරය, අගමැති කාර්යාලය අත්පත් කරගෙන මගේ නිවස ද ගිනි තබා තිබු අවස්ථාවකයි. මැතිවරණයක් පැවැත්වීමට තබා ආණ්ඩුව පවත්වාගෙන යාමට නොහැකි වනු ඇතැයි එදා බොහෝ දෙනා සිතුවා. නමුත් මමත්, කථානායකතුමා ඇතුළු සියලුදෙනා පාර්ලිමේන්තුව අල්ලා ගැනීමට ඉඩ තැබුවේ නැහැ. පසුව එම පාර්ලිමේන්තුව මා ජනාධිපතිවරයා ලෙස පත් කර ගනු ලැබුවා. යුද හමුදාව, පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය එක්ව එදා අපට පාර්ලිමේන්තුව ආරක්ෂා කර දුන්නා. නැත්නම් අද අපටත් බංග්ලාදේශයේ වැනි තත්ත්වයකට මුහුණ දීමට සිදු වෙනවා.

ගිනිගත් රටක එම තත්ත්වය වළක්වාලමින් අද අප රට ඉදිරියට ගෙනවිත් තිබෙනවා. සිදු වූ විනාශයන් නැවැත්වීමට එදා විපක්ෂයේ සිටි කිසිවෙක් සහාය ලබා දුන්නේ නැහැ. ආණ්ඩුවට ඉවත්වන ලෙස පවසමින් ඔවුන් පැන ගියා. ආණ්ඩුවට පිංසිද්ධ වෙන්න අද ඔවුන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට අවස්ථාව ලැබී තිබෙනවා. එවන් පිරිසක් ආණ්ඩුවක් භාරගැනීමට සුදුසුද කියා ඔබ තීරණය කළ යුතුයි. ඔවුන්ට රටක ප්‍රජාතන්ත්‍රවාදය භාරදිය හැකිද කියා තීරණය කළ යුතුයි.

එදා ඉන්ධන පෝලිම් තිබු රටක අද ඉන්ධන පෝලිම් නැහැ. ආහාර, ඖෂධ වෙනුවෙන් පෝලිම් තිබු රටක අද එම පෝලිම් නැහැ. දැන් ජනතාවගේ අතේ මුදල් තිබෙනවා. දැන් ජනතාවට ජීවත්විය හැකි රටක් ගොඩනඟා දී තිබෙනවා. නමුත් තවමත් ජනතාවගේ ප්‍රශ්න සම්පූර්ණයෙන් විසඳී නැහැ. ඒ පිළිබඳ මම කණගාටු වෙනවා.

එදා මේ රටේ දේශපාලන නායකයන් පැනලා ගියා. ආර්ථික ප්‍රශ්නය විසඳීමට කිසිවෙක් ඉදිරිපත් වුණේ නැහැ. නමුත් අද අප මෙම ගැටළු විසඳමින් රට ඉදිරියට ගෙනැවිත් තිබෙනවා. රට බංකොලොත් වීමට පෙර ජනතාවට නොදුන් සහන බංකොලත් බව ප්‍රකාශ කිරීමෙන් පසුව වුවත් අප ජනතාව වෙනුවෙන් අප ලබා දී තිබෙනවා. අස්වැසුම සහ උරුමය වැඩසටහන් හරහා ජනතාවට සහන ලබාදීමට අප කටයුතු කළා. ඒ වගේම පසුගිය ජනවාරි මාසයේ රජයේ සේවකයන්ට රුපියල් දස දහසක වැටුප් වැඩිවීමක් ලබා දුන්නා. ඉදිරි වසරේ ජනවාරි මාසයේ දී එය තවත් රුපියල් දස දහසකින් හෝ පහළොස් දහසකින් වැඩි කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මධ්‍යම පන්තියේ බදු බර අඩු කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම නැවත රජයේ රැකියා ලබාදීම ආරම්භ කර තිබෙනවා. වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අප කටයුතු කළා. පුද්ගලික අංශයේ වැටුප් වැඩි වී තිබෙනවා. මේ අනුව රටේ ගොඩනැඟෙමින් පවතින ආර්ථිකය අප සියලුදෙනා එක්ව ඉදිරියට ගෙන යා යුතුයි. මේ ආරම්භ කළ වැඩසටහන තවත් වසර දෙක තුනක් ඉදිරියට ගෙන ගොස් මේ රටේ ජනතාව පොහොසත් කළ හැකි නව ආර්ථිකයක් රට තුළ නිර්මාණය කරන බව කිවයුතුයි.

අද අප ආරම්භ කර තිබෙන මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යමින් මේ රටේ ජනතාවගේ අනාගතය සුරක්ෂිත කිරිමට මා කටයුතු කරනවා. ඒ සඳහා වූ ජනවරම මෙම සැප්තැම්බර් 21 වනදා මට ලබා දෙන ලෙස මා ඉල්ලා සිටිනවා. රටේ නව ආර්ථික පරිවර්තනයක් සිදු කර මේ රටේ ජනතාවට මෙම හොඳ අනාගතයක් ගොඩනඟා දෙනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් සහ ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන කණ්ඩායම් ඇතුළු පාක්ෂිකයන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (9)

‘‘ඔබෙි අනාගතය රකින්න වරම දෙන්න‘‘

ජගත් ලියනගේ Friday, 16 August 2024 08:10 AM

ගෑස් පෝලින් නැති කරපු එක කියවන්න එපා . ඒවා ඉස්සරත් තිබ්බෙ නැහැ .

:       8       17

Pradeep Kumara Friday, 16 August 2024 08:49 AM

මේ මිනිස්සුන්ට පිස්සුද දන්නෑ. අවුරුදු 70ක් තිස්සේ ඔයාට හදන්න බැරි වුණු රට දැන් මේ වල පයයි ගොඩ පයයි තියාගෙන හදයිද? 21 වැනිදයින් පස්සේ ගෙදර ඉඳන් තමන් අදහන ආගමකට අනුව පිනක් දහමක් කරගෙන පැත්තකට වෙලා ඉන්න. අපිට ඕන රට අපි හදා ගන්නම්. හාන්ස් ක්‍රිස්ටීන් ඇන්ඩර්සන් ගේ සුරංගනා කතා කියවපු අපිට ඔයා ගේ කතා නිකං විහිළු වගේ මහත්තයෝ.

:       11       21

පොඩිඑකා Friday, 16 August 2024 09:32 AM

ඒත මහ බැංකුවේ අනාගතය ගැන මට බයයි බයයි වගේ අන්කල්......!

:       12       23

Zara Friday, 16 August 2024 10:17 AM

1977 ඉඳලා වරම් කීයක් දුන්නද ?තාම බැරිද ?අවුරුදු 47 බරිංම් බෑම තමා

:       6       18

Bunny Preena Friday, 16 August 2024 10:40 AM

මෙච්චර කල් උඹලා බොරු කිව්වා සහ බොරු කළා ඇති .ගෙදර පලයල්ලා

:       6       15

කොරලගේ Friday, 16 August 2024 12:08 PM

ජාතික සම්පත් විකුණාගෙන කන්න ඕනෑ නම් මේ ගොල්ලන්ට ඡන්දෙ දෙන්න හොඳයි. එච්චරමයි මේ ගොල්ලෝ දන්නේ. මේ අයට රටක්, ජාතියක් වැඩක් නැහැ...

:       5       11

Nimal 1 Friday, 16 August 2024 01:18 PM

ලියවිලා තිබෙන සටහන් කියෙව්වාම රට ගැන අලුත් බලාපොරොත්තු ඇතිවෙනවා. මෙවර නම් ජනතාව මුලා කරන්න නොහැකි බව පැහැදිලියි.

:       2       6

ගමේ එකාලා Friday, 16 August 2024 04:08 PM

දූෂිත දේශපාලුවන්ගේ ටොම්පච වලට ජනතාව රැවටුණු කාලේ දැන් ඉවරයි. දේශපාලුවන්ට බල තණ්හාවට වැඩිය දෙයක් නැහැ කියලා ජනතාව තේරුම් අරන් තියෙන්නේ...!

:       0       4

Rohana Friday, 16 August 2024 04:40 PM

ඔබේ අනාගතය රකින්න වරමක් ඉල්ලන්නේ එයාලාගේ අනාගතය යහපත් කරගන්න මිසක් වෙන මොකක්ද..?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 230 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 387 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site