IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ඒ.එස්.පී.ගේ වැරදි නියෝග ක්‍රියාත්මක නොකළ අයිපී මාරු

(සිරාජ් හසීම්)
 
කේරළ ගංජා ජාවාරමකට සැකපිට අත්අඩංගුවට ගත් වෑන් රියක් මුදා හරින ලෙස උසස් පොලිස් නිලධාරියෙකු කළ අනිසි බලපෑමක් ක්‍රියාත්මක නොකළ කිලිනොච්චි කොට්ඨාසයේ පොලිසියක පොලිස් පරීක්ෂකවරයකු කන්කසන්තුරේ කොට්ඨාසයට ස්ථාන මාරු කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
 
මෙම පොලිස් පරීක්ෂකවරයා කිලිනොච්චි කොට්ඨාසයේ පොලිසියක සේවය කරමින් සිට ඇති අතර ගංජා ජාවාරමට අදාළව වෑන් රිය අත්අඩංගුවට ගත් දිනයේ එම පොලිසියේ ස්ථානාධිපතිවරයා නිවාඩු ගොස් සිටි බව පොලිසිය පවසයි.
 
ගංජා කිලෝග්‍රෑම් හැටක් සහ ප්‍රවාහනය කළ වෑන් රිය අත්අඩංගුවට ගත් පොලිස් පරීක්ෂකවරයා නිසි ආකාරව විමර්ශන සිදු කර සටහන් තබා ඇති අතර අත්අඩංගුවට ගත් වාහනය මුදා හරින ලෙස පොලිස් ස්ථානාධිපතිවරයකු දුරකතනයෙන් උපදෙස් දී තිබේ. 
එම ස්ථානාධිපතිවරයා පොලිස් පරීක්ෂකට එම නීති විරෝධී නියෝගය දී ඇත්තේ සහකාර පොලිස් අධිකාරීවරයකුගේ කීමට බවත්, නීති විරෝධී නියෝගය අහක දැමූ පොලිස් පරීක්ෂකවරයා තමාට පැමිණි බලපෑම් ගැනද සටහන් තබා ඇති බවත් එම පොලිසියේ නිලධාරියෙක් පැවසීය.
 
 



අදහස් (7)

ඒ.එස්.පී.ගේ වැරදි නියෝග ක්‍රියාත්මක නොකළ අයිපී මාරු

Shan Tuesday, 04 April 2017 06:23 AM

මේ වගේ හොර නිලධාරීන් නිසා තමයි පොලිසිය පිරිහෙන්නේ.

:       0       27

nihal Tuesday, 04 April 2017 06:31 AM

නීතිය නොනමන ඔබ පොලිස්පති ධූරයටත් සුදුසුයි.

:       1       168

wedage Tuesday, 04 April 2017 06:49 AM

කෝ එතකොට පොලිස් කොමිසම - ලොක්කන්ට ඕන විදියට මාරුකරන්න බෑ නේද

:       4       49

kumar (galf) Tuesday, 04 April 2017 06:51 AM

දැන් නීතිය ක්‍රියාත්මක වෙන්නේ කාගේ වාසියටද?

:       0       27

asitha Tuesday, 04 April 2017 07:17 AM

මේකටද නිතිය නවනවා කියන්නේ

:       0       10

mahinda Tuesday, 04 April 2017 08:52 AM

පොලිස් පති තුමනි දැන් ඔබේ වාරය. මේ ගැන ඔබ මොකද ජනතාවට කියන්නේ ?

:       0       8

ravin Tuesday, 04 April 2017 01:28 PM

පොලිස්පතිතුමනි !!! සටහන් ටික පරික්ෂාකර/ විභාගකර ස්ථානාධිපති වරයාට/ සහකාර අධිකාර වරයාට සහ පරීක්ෂක වරයාට සුදුසු ප්‍රවර්දන(හෝ?) ලබාදීමෙන් පොලිසියේ ගෞරවය රැකගන්න.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31354 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13570 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site