IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ඒක පුද්ගල ඡායාරූප ඉවත් කිරීමට නියෝග

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ඇති පක්ෂ කාර්යාල හා අපේක්ෂක කාර්යාලවල ප්‍රදර්ශනය කර ඇති ඒක පුද්ගල ඡායාරූප (අපේක්ෂකයාගේ) දින තුනක් ඇතුළත ඉවත් කිරීමට දඹුල්ල මැතිවරණ බල ප්‍රෙද්ශයේ දේශපාලන අධිකාරියට දැනුම් දී ඇති බව දඹුල්ල සහකාර පොලිස් අධිකාරී ගාමිණී මීගහකුඹුර මහතා 31 දින පැවසීය.

එසේ නොවන්නේ නම් එය මැතිවරණ නීතිය උල්ලංඝණය කිරීමක් බව සහකාර පොලිස් අධිකාරී ගාමිණී මීගහකුඹුර මහතා වැඩිදුරටත් සඳහන් කෙළේය.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් තොරව ඉතාමත් සාමකාමී මැතිවරණයක් දඹුල්ලේ පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බව එතුමා වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවේය.



අදහස් (5)

ඒක පුද්ගල ඡායාරූප ඉවත් කිරීමට නියෝග

Sunil Sunday, 31 December 2017 09:34 AM

ඉතින් ඔය කියන ඒක පුද්ගල ඡායාරූප වල ඉන්නේ එක්කෙනෙක් නොවේනේ. ලොක්කෝ දෙන්නෙක් එක්කනේ හැම විටම ඒවා ගහන්නේ... ඉතින් ඒවා ඉවත් වේවිද? ඒවා නීති විරෝධී නම් ඇයි ඒ ලොක්කන්ට කියන්න බැරි අපේ ඡායාරූප ගහන්න එපා කියලා. මට පෙනෙන හැටියට නම් ඒ ලොක්කොත් කැමතියි වගේ... එවලා තමුන්ගේ පින්තූරයත් ප්‍රදර්ශනය වෙනවා දකින්න.

:       0       2

dias Sunday, 31 December 2017 11:22 AM

හිටපු ලොක්කා බාල මල්ලි ඔය විරිත්තගෙන ඉන්නේ...

:       0       21

machan malli Sunday, 31 December 2017 12:02 PM

අනේ අප්පේ... අපේ බෝපේ පෝද්දලට නම් දෙන්නෙක් ඡන්දෙ ඉල්ලනවා. දෙන්නා එකටම පෝස්ටරෙත් ගහලා තියෙනවා ලයිට් කණු පුරා...

:       0       0

Raveendra Sunday, 31 December 2017 02:40 PM

අනේ ඔය වැඩට අසීලාචාර මිනිස්සුන්ගේ රූපකාය දානවට වඩාත් යෝග්‍ය වන්නේ සත්ව ලෝකයේ සතුන්ගේ ඡායරුප ටිකක් දාලා අදාල පාට සහිත පෝස්ටර් සකසුවා නම් හොඳයිනේ...

:       0       10

Bamunuarachchi Monday, 01 January 2018 10:33 AM

ඒ කියන්නෙ සිරාගෙයි, රනිල්ගෙයි එක්ක ගහපු කට් අවුට් ගලවන්න එපා.... මරු නේද නීතිය? කොහොමද අපේක්ෂකයා තමන්ගේ බිරිඳ එක්ක ඉන්න ඡායාරූපය දැම්මා නම්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 104 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2031 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1565 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site