IMG-LOGO

එම්බාම්කර නිවෙසට ගෙනා කොරෝනා මළ සිරුර ආයෙත් රෝහලට ගෙනිහින්

(සුමිත් ප්‍රේමතිලක) 

කොරෝනා වැළදුන මළ සිරුරක් ඥාතීන්ට මුදාහැර නිවසේ තැන්පත් කර තිබියදී අද (20) නැවත රෝහලට රැගෙනවිත් , නිරෝධායන නීතියට අනුව  අවසන් කටයුතු සිදුකර  ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව අදාළ මළසිරුර එම්බාම් කල කළුතර මල් ශාලාවක  සේවකයින් සහ නිවැසියන් ඇතුළුව  දොළොස් දෙනකු නිරෝධායනය කිරීමට කළුතර සෞඛ්‍ය වෛද්‍ය විද්‍යායතනය කටයුතු යොදා තිබේ.

පොතුවිල ,  මහ ගම්මැද්ද ප්‍රදේශයේ 79 හැවිරිදි කාන්තාවක පෙරේදා (18)  මියගොස් ඇති අතර , ඇයගේ පීසීආර් පරීක්ෂණ වාර්තාව  ලැබීමට මත්තෙන් මෘත දේහයේ ඥාතීන්ට භාරදී තිබේ .

ඒ අනුව කළුතර මල් ශාලාවකින් මළසිරුර එම්බාම් කර පොතුවිල මහ ගම්මැද්ද ප්‍රදේශයේ නිවසට ඊයේ (19) පස්වරුවේ රැගෙන ගොස් තිබේ .

කෙසේ වුවද අද (20) උදෑසන ලැබී ඇති පීසීආර් වාර්තාවට අනුව ඇයට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බවට තහවුරුව ඇත .

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ රෝහල් කාර්ය මණ්ඩලය කළුතර සෞඛ්‍යය වෛද්‍ය විද්‍යායතනයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් අදාල අවමගුල පැවැත්වෙන නිවසට යොමුකර දේහය නැවත රෝහලට රැගෙන ඒමට ක්‍රියාකර නිරෝධායන නීතියට අනුව කළුතර ප්‍රාදේශීය සභාවේ පොතුවිල  ආදාහනාගාරයේ දී අවසන්  කටයුතු සිදුකර තිබේ .

මේ පිළිබඳ අදහස් දැක්වූ නාගොඩ මහරෝහලේ නියෝජ්‍ය වෛද්‍ය අධිකාරී  මෙසේ පැවසීය .

අපි අවස්ථා දෙකකදී පිසීආර්  පරීක්ෂණ සිදු කරනවා.ඇයගේ ජෛවානු ගුණනය  30 ට වඩා වැඩියි. ඒ නිසා පළමු පරීක්ෂණය නෙගටිව් . දෙවන පරීක්ෂණ පොසිටිව් බව දැනගැනීමෙන් පසු ඉතා ඉක්මනින් නිරෝධායන නීතියට අනුව අවසන් කටයුතු කලා .එයට සම්බන්ධ වුණු පිරිසක් නිවෙස් වල නිරෝධායනට ලක්කලා. කොහොම නමුත් එම මෘත ශරීරයෙන්  තවත් කෙනකුට රෝගය බෝවීමේ අවධානමේ සමභාවිතාව බොහෝම අඩුයි . යැයි පැවැසීය.



අදහස් (1)

එම්බාම්කර නිවෙසට ගෙනා කොරෝනා මළ සිරුර ආයෙත් රෝහලට ගෙනිහින්

Sriland Friday, 21 January 2022 02:49 AM

නිරෝධායන නීතිය, බයිලා තමා. මුන් ඔක්කොම කරන්නේ බොරුව

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site