
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
එන්නත් ලක්ෂ හයක ගැටලුවක් ඇති බවත් එය හැංගිය යුතු කාරණයක් නොවන බවත් කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී අද (4) පැවැසුවාය.
එය අප රටට කිව යුතු යැයි ද ඇය කීවාය.
එවැන්නක් ඇතිවුණේ රජයේ වරදකින් නොවේ යැයි කී රාජ්‍ය ඇමතිවරිය නිෂ්පාදකයන්ට අවශ්‍ය තරම් සැපයුම් දීගැනීමට නොහැකි වීම නිසා මේ තත්වය ඇති වී තිබෙන බවද ප්‍රකාශ කළාය.
ස්පුට්නික් හා ෆයිසර් එන්නත් ගෙන්වීමට රජය කටයුතු කරගෙන යන බවද ඇය පැවසුවාය .
පළමු මාත්‍රාව එක් එන්නතකින් ලබාදී දෙවෙනි මාත්‍රාව වෙනත් එන්නතකින් දීමට හැකියාව ඇත්දැයි පරීක්ෂණ පවත්වාගෙන යන බවත් එම පරීක්ෂණ වාර්තාවල ප්‍රගතිය අනුව එන්නත් "කොක්ටේල් " එකක් දීමට ඉදිරියේදී හැකිවනු ඇති බවත් ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කීවාය.
රාජ්‍ය ඇමතිවරිය මෙසේ පැවසුවේ කොවිඩ් අවදානම හමුවේ රට මුහුණ දී ඇති තත්ත්වය සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ ඉදිරිපත් කෙරුණු යෝජනාව පිළිබඳ විවාදයේදීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ඇමරිකාවේ ඇස්ට්‍රාසෙනිකා එන්නත් මිලියන 60 ක් තියනවා.. එකෙන් ලක්ෂ 6ක් ඉල්ල ගන්නවකෝ...
අපේ සර් ඒ වැඩේනුත් අසමත් නේ.. ඔහොම අසමත් වුණොත් එකම පන්තියේ ඉන්න වෙයි හැමදාම...
ස්තුතියි දැනුවත් කළාට... අපි මොනවා හරි කරන්න බලන්නම්... වෙනරටක නායකයෙක්ටවත් කියලා...
ඔබතුමිය හරි..!!!
මෙවන් උගත් අය අවංකවම කතා කරනවා.
මම හිතන්නේ මුළු රටටම අවම වශයෙන් එන්නත් මිලියන 30 ක් (එක් පුද්ගලයෙකුට 2) අවශ්‍යයි. මම දන්නේ නැ ඇය එන්නත් ලක්ෂ 6 ක් ගැන පමණක් කතා කරන්නේ මන්දැයි මම නොදනිමි. ඇයට රටේ සෙසු ජනතාව ගැන අමතක වුනාද?
කොළඹට සහ ගම්පහට කියලා ගෙනාවට මේවා ඇමතිවරු සහ ගෝලබාලයින්ට