ශ්රී ලංකාවට අදට අතිශයින් අත්‍යවශ්‍ය මෛත්‍රී පාලනයක් බිහිකිරීමට හැකිවේවායි අභිනවයෙන් පත්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ දෙපළට සුභ පතන බව එක්සත් ජාතික පක්ෂයේ මහා බ්‍රිතාන්‍ය ශාඛාවේ සභාපති හර්ෂක කන්නන්ගර ලිපියක් මඟින් දන්වා ඇත.
අද ශ්‍රී ලංකාවේ අභාවයට පත්ව ඇති යහ පාලනය ස්ථාපිත කොට අල්ලස, දුෂණය වලක්වා සාමාන්‍ය ජනයාගේ දිළිඳුකම අවසන් කර සදාචාර සම්පන්න උගත් ජන සමාජයක් යළිත් බිහි කිරීම සඳහා මෛත්‍රී පාලනයක් යටතේ ක්‍රියාකරනු ඇතැයි බලාපොරොත්තුවන බවද එම සුභාසිංශන ලිපියෙහි දක්වා ඇත.
විවිධ තාඩන පීඩන සහ අසාධාරණකම් තිබියදී සදාසම්පන්න මැතිවරණ ප්‍රචාරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව සිරිසේන මහතාගේ කණ්ඩායමට ආචාරය පිළිගන්වන බවත්, සාධාරණ මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව මැතිවරණ කොමසාරිස් වරයා ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරීන්ටත් පොලිසියටත් ස්තුති වන්ත වන බවත් මැතිවරණයෙන් පසු රටතුල කිසිදු කළ කෝලාහලයක් ඇති නොවීම සම්බන්ධයෙන් තමන් ඇතුළු එජාප මහා බ්‍රිතාන්‍ය ශාඛාවේ සියලුම දෙනා සතුටු වන බවත් එම ලිපියෙහි දැක්වෙයි.
2025 දෙසැම්බර් මස 04
736
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
එන්ගලන්ත අලි ජනපතිට/අගමැතිට ආචාර කරති
සාරංග ලන්ඩන් Sunday, 18 January 2015 10:44 PM
අනේ ඔව් ජනක අලහප්පෙරුම මහත්තයෝ, ලන්ඩනයට හා ශ්‍රී ලංකාවට මොනතරම් සේවයක් කල කෙනෙක්ද අපේ නෝනිස් දොස්තර මහත්තයා. ඒ වුනත් පහුගිය කාලේ සමහර දේශද්‍රෝහී සිංහලයෝම එතුමාව අපකීර්තියට ලක් කළා. ලන්ඩනයේ තරුණ කැලේම කෙනෙක් එක්තරා ගුවන් විදුලියකට එතුමා ගැන බොරුම කියුවා පුද්ගලික වාසි ලංකාවෙන් ගන්න බලාගෙන. (නධී)
දොස්තර සතිෂ් ලන්ඩන් Monday, 19 January 2015 11:58 AM
ඔය තරුණ කැල කියා ගන්නා සමහරක් සරත් ෆොන්සේකා මහතාවද ලන්ඩනයේ රණ විරු උළෙලකදී පහත් ලෙස විවේචනය කරන්න ගොස් ගුටි නොකා බේරුනේ අනු නවයෙන්. මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශකට මොහු කියන්නේ 'කේලමා' කියලා. මේ අයට ඉංග්‍රීසියෙන් කියන්නේ 'ඩබල් ගේම්' කාරයෝ කියලා. (නදී)
බරන Tuesday, 20 January 2015 08:20 AM
අනේ පව් නෝනිස් නැවත පත් කරන්න ඕනා අර මාලිගාවට තාම යන්න අාසලු. (නදී)
පුක්කුස වීරේ ලන්ඩන් Sunday, 18 January 2015 10:26 AM
ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඉන්න දරුවන් එංගලන්තයේ ඉස්කෝලේ දමන්න පත්වීමක් ලබාගෙන පැමිණ සිටින විදේශ සේවය කරන නෝනා ඡන්ද වැඩවලට කටවුට් ගහන්න ගිහිල්ලා තවම ඇවිල්ලා නැහැ. මේ අයගේ අනාගතය කුමක්ද කියා ලන්ඩනයේ පදිංචි අපි දැනගන්න කැමතියි. (නදී)
කුමාර් Sunday, 18 January 2015 10:33 AM
අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ, මුළු ලක් දෙරණම නෑදෑයෝ. (නදී)
ජනක ලන්ඩන් Sunday, 18 January 2015 10:45 AM
ලන්ඩනයේ තරුණ කැල වන අපි මෙහි මහාකොමසාරිස් කාර්යාලයේ මෙතෙක් සිදුවූ දේවල් ගැන පිළිකුලෙන් සිටිමු. සියලුම දේශපාලන හෙංචයියන්, හිටපු පාලකයින්ගේ නෑදෑ හිත මිත්‍රයින් ආපසු ලංකාවට යවා උපන් ගෙයි දක්ෂයෙක් වූද ජාති මාමකයෙක් ලෙස තම ක්‍රියාවෙන් දක්ෂකම් දැක්වූ දොස්තර ක්‍රිස් නෝනිස් මහතා ඇතුළු විදේශ සේවා වෘතිකයින් පිරිසක් නැවත පත් වෙයි කියා අප නොවිමසිල්ලෙන් බලා සිටිමු. (නදී)
පුක්කුස වීරේ ලන්ඩන් Monday, 19 January 2015 10:09 AM
සාරංග ලන්ඩන්, මමත් එම 'මුට්ටිය අල්ලන' වැඩ සටහන ඇසුවා ලන්ඩනයේ ඉන්න බොහෝ පිරිසක් සමග. ලංකා තරුණයන් නමින් පෙනී සිටින මෙම දේශද්‍රෝහීන් හඳුනාගෙන වෙස් මුහුණු ගලවා දැන් ඉතින් පරාජයට පත් කල යුතුයි. මොහු ක්‍රිස් නෝනිස් මහතා ඉතාමත් පහත් ආකාරයට, එතුමා නොකරපු දේවල් පවා කියා විවේචනය කරා. නමුත් මොහු සමාජයේ පෙනී සිටින්නේ නම් රටට ආදරයක් ඇති කෙනෙක් විදියට. (නදී)
රාසික් කටාර් Sunday, 18 January 2015 06:18 PM
ඔය දැන් දැන් තමා බළල්ලු මල්ලෙන් එලියට පනින්නේ. කොටීන්ට තම අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට යහපාලනයෙන් පුළුවන් වෙයි. ඔහේ ඉන්නේ හුඟක්ම කොටි තමා. යනකොට යනකොට තේරේවි මහින්ද ජනාදිපතිතුමාගේ අගය. (නදී)