
(අංජුල මහික වීරරත්න)
ලබන සෙනසුරාදා (06) පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර උත්සවය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය ද සැලකිල්ලට ගෙන කල් දැමීමට එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුව අද (02)තීරණය කරනු ලැබීය.
කොළඹ දී රැස්වූ එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව ඉහත තීරණයට එළැඹි බව එජාප මහ ලේකම් නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පැවැසුවා ය.
එජාපයේ කල් දමනු ලැබූ 79 වන සංවත්සර උත්සවය මේ මාසයේම වෙනත් දිනයක පැවැත්වීමට පියවර ගන්නේ යැයි ද එජාප මහ ලේකම් තලතා අතුකෝරළ මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
2025 දෙසැම්බර් මස 04
673
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
550
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
එජාප සංවත්සර උත්සවය කල්දමයි
Rata Perata Tuesday, 02 September 2025 09:39 PM
පක්ෂයේ වැඩකටයුතු තීරණය වෙන්නේ එක මිනිහෙක් මත. ඔන්න ප්‍රජාතන්ත්‍රවාදය.
යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Tuesday, 02 September 2025 09:46 PM
පෙනෙන හැටියට සංවත්සරය පවත්වන්න වෙන්නේ බොරැල්ලේ ජයරත්න එකේ වගෙයි
chandima Tuesday, 02 September 2025 10:32 PM
මොන සන්වත්සරද ? අරහේ බෙල්ල කියනවා ලොක්ක වල පයයි ගොඩ පයයි කියලා. ඔතැන අඩි පුඩි ගහල නටද්දී ලොක්කා හ.. ගෑවොත් මලා.
ජිල්බු Tuesday, 02 September 2025 10:57 PM
ඇවිදින ඉස්පිරිතාලෙට රෙස්ට් එක මදි වෙලාද, නැත්තම් මිනිස්සු 100ක් වත් හොයාගන්න බැරිවෙලාද ?!?
Perera Wednesday, 03 September 2025 12:20 AM
පක්ෂෙත් හරි, නායකයත් හරි, ඕකේ මොනවා සමරන්නද?
රනේ Wednesday, 03 September 2025 06:57 AM
එහෙනම් පෙරහැර..
ගලපර Wednesday, 03 September 2025 07:46 AM
JR මාමා 5/6 ක බලයක් එක්ක සද්දන්ත UNP ය රනිල්ට දුන්නෙ.මේ රනිල් අද වෙනකොට UNP ය රටේ එක ආසනයක් වත් නැති, රටේ එක UNP කාරයෙක් වත් හොයාගන්න බැරි තරමටම පොළොවටම සමතල කරලා දැම්මා.මේ සාපයම තමයි මෙයාට වැදුනේ.තවත් රටේ මොන දේශපාලනයක්ද මෙයාට.තෝලංජු වෙලා යන එකයි අත්තේ.
Dr බෙල්ලනෝ Wednesday, 03 September 2025 08:52 AM
පන්සීයක් විතර එකතුකරගත්තොත් ලොක්කට ලෙඩ හොඳ වෙලා ඔය ලබ... වැරදුණා ඔය පුහුල කරගන්න පුළුවන් වෙයි.