(අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු පළාත් සභා සහ පළාත් පාලන ආයතන සියල්ල වෙනුවෙන් මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීම කලාප ක්‍රමය මත පදනම්ව කරන ලෙස එක්සත් ජාතික පක්ෂය ජාතික සීමානීර්ණ කමිටුව වෙත යෝජනාවක් බාරදී ඇත.
පළාත් පාලන ආයතන සීමා නිර්ණය කිරීම ගැටළු සහගත බවට දේශපාලන පක්ෂ විසින් ජාතික සීමා නිර්ණ කමිටුව වෙත විරෝධයක් පළ කර ඇති බැවින් එක්සත් ජාතික පක්ෂය මෙම යෝජනාවලිය බාරදී ඇත.
ජාතික සීමා නිර්ණ කමිටු නියෝජිතයන් හා එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් මුණ ගැසුණු අවස්ථාවේ දී මෙම යෝජනාවලිය බාරදී තිබේ.
එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, ජනාධිපති නීතිඥ නිශ්ශංක නානයක්කාර මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් ජාතික සීමා නිර්ණ කමිටු සභාපති මහින්ද දේශප්‍රිය මහතා මුණ ගැසී මෙම යෝජනාවලිය බාරදී ඇත.
එහිදී පවතින සීමා නිර්ණය අනුව විශාල ප්‍රදේශ ඇතුලත් පලාත් පාලන ආයතන සඳහා සභිකයන් පත්වීමේ අසමමිතික තත්ත්වයක් පවතින බව පුත්තලම, කුරුණෑගල ඇතුළු දිස්ත්‍රික්ක හයක් උදාහරණ ලෙස ගනිමින් එක්සත් ජාතික පක්ෂය පෙන්වා දී තිබේ.
එසේ නම් විශාල ප්‍රදේශයක් ඇතුළත් පළාත් පාලන ආයතන දෙකඩ කොට පළාත් පාලන ආයතන දෙකක් පිහිටුවන ලෙස ද එජාපය යෝජනා කර ඇත.
කොට්ඨාශ ක්‍රමයේ ගැටළු පවතින්නේ නම් සමානුපාතික ක්‍රමයට පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ද එක්සත් ජාතික පක්ෂයට ගැටළුවක් නැති බව එම යෝජනාවලියෙන් එජාපය පෙන්වා දී ඇත.
එසේම පළාත් පළාන සතික ධූර කිසි ලෙසකින්වත් 5000 සීමාව ඉක්මවා නොයා යුතු බවද ඔවුන් දැනුම් දී තිබේ.
එක්සත් ජාතික පක්ෂ යෝජනාව අගය කර ඇති සීමා නිර්ණ කමිටු සභාපති මහින්ද දේශප්‍රිය මහතා එම යෝජනාද පාර්ලිමේන්තු කමිටුව වෙත යොමු කරන බව දැනුම් දී ඇත.
2025 නොවැම්බර් මස 21
182
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
248
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1125
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
එජාපය සීමා නිර්ණ කමිටුවට යෝජනා බාර දෙයි