IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


එජාප මහ ලේකම් ධූරයෙන් කබීර් හෂීම් ඉල්ලා අස් වෙයි

(අංජුල මහික වීරරත්න )


උසස් අධ්‍යාපන  මහා මහාමාර්ග ඇමැති  කබීර් හෂීම් මහතා  එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඉල්ලා අස්වීමේ ලිපිය මීට සුළු මොහොතකට පෙර බාර දුන් බව සිරිකොත ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

ඉදිරියේදී සිදුවන එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධානයේදී සියළු තනතුරු වෙනස් වීමට නියමිතව ඇත.
 



අදහස් (11)

එජාප මහ ලේකම් ධූරයෙන් කබීර් හෂීම් ඉල්ලා අස් වෙයි

ජගත් ලියනගේ Thursday, 05 April 2018 04:25 AM

කරනව කියපු වෙනස් කමක් කරන්න යන්නේ . අලුත් ලේකම් අකිල ද?

:       4       127

NissankaThursday, 05 April 2018 05:53 AM

ලේකම් සභාපති කරලා, සභාපති භාණ්ඩාගාරික කරලා, භාණ්ඩාගාරික ලේකම් කරන්න. එතකොට ප්‍රතිසංවිධානය සම්පුර්ණයි. වෙන නායකත්වයට සුදුස්සෙක් ඇත්තෙත් නෑ. යුඑන්පියට අනාගතයක් නෑ.

:       6       305

asad Thursday, 05 April 2018 01:14 PM

නිස්සංක බය වෙලාද දන්නැහැ. මහින්දට එන්න තියෙන අවස්ථාව නැති වෙනවා එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය වුනොත්. හැබැයි එකක් ඔය මොනවා වුනත් නැවත රාජපක්ෂලාට බලය පිහිටුවන්න ලැබෙන නැහැ.

:       3       0

Ruwan Thursday, 05 April 2018 04:29 AM

අකිල සහ හරින්, ඔබලාට දොර විවුර්තව ඇත. නියම නායකත්වයක් යටතේ එක්සත් ජාතික පක්ෂය ගොඩ නැගීම ඔබලාට බාරයි.

:       876       1133

gunarathnaThursday, 05 April 2018 05:11 AM

රුවන් නියම නායකත්වයක් යටතේ කියන්නේ රනිල්ගේ නායකත්වයද නැතිනම් වෙන කාගෙවත් නායකත්වයකින්ද? මොකද දැනටත් අකිල සහ හරීන් වැඩ කරන්නෙත් රනිල් යටතෙනේ.

:       2       264

mahinda Thursday, 05 April 2018 06:44 AM

එජාප ඉදිරියට ගෙනියන්න තරුණ නායකයන් බිහිකර පුහුණු කරන එක දැන් සිටින වයසක නියෝජිතයන්ගේ වගකීමක්. ඒ වුනාට අපි දකින්නේ වියපත් වෙලත් බදාගෙන ඉන්න දඟලන කට්ටියක්. තරුණ නියෝජිතයන් රැසක් දැන් ඉන්නවා. ඒ අයට තැනක් නෑ.

:       0       114

රොහාන් දයාදර පැරිස් Thursday, 05 April 2018 07:13 AM

මම යෝජනා කරනවා අපේ එක්සත් ජාතික පක්ෂ නායක ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අපේ පක්ෂයේ මහා ලේඛම් තනතුර තිස්ස අත්තනායක හිටපු මහා ලේකම්තුමාවම නැවතත් පත්කරන මෙන්. රොහාන් දයාදර පැරිස්

:       215       130

Buddika Thursday, 05 April 2018 07:28 AM

නායකයා වෙනස් විය යුතුමයි. නැතිව වෙන මොනවා කලත් වැඩක් නැහැ.

:       225       209

sirimal Thursday, 05 April 2018 08:31 AM

මාස ගණනක් තිස්සේ රට අරාජික කරමින් කුණු කසල විකිණීමේ මහඟු අවස්තාවක් මාධ්‍යයන්ට ලබාදෙමින් පටන්ගන්න කලිනුත් පරදින බව පෙනුන මේ කමකට නැති උත්සාහයෙන් රටට සිදුකළ ආර්ථික හානිය කෙතරම්ද? ඒ සඳහා පෙරමුණ ගනිමින් බොරු ගොතමින් සිදුකළ සංස්කෘතික හානිය කෙතරම්ද? මේ හානියට වගකිවයුත්තන් බොහොමයකි. ආණ්ඩුව පටන්ගත්දා සිට එක කණ්ඩායමක් අඟේ සිට කන සපාකද්දී සමගිය ගැන සිතා ඔවුන්ට ප්‍රතිප්‍රහාර නොදීම මෙයට මුලිකම හේතුව විය.

:       2       15

Bamunuarachchi Thursday, 05 April 2018 08:47 AM

ඔබලාට අනාගතය පෙනෙන නිසාද නැතිනම් වෙන වාසියකටද?

:       2       7

ධනුෂ්ක Thursday, 05 April 2018 12:02 PM

කැලේ මාරු කලාට කොටියගේ පුල්ලි මාරුවෙන්නෑ. තනතුරු මාරු කළ පමණින් පක්ෂයේ දර්ශනය වෙනස් වෙන්නෑ. අවුරුදු 70 ක් රට පාලනය කළ ලොකු පක්ෂ දෙකේම තියෙන්නේ එකම අාර්ථික හා දේශපාලන දර්ශනය. එ්ක ලංකාවට ගැලපුන්නෑ. එකයි ලංකාව එනන් එන්නම පහලට ගියේ. පාරලවල් හැදුවට ගොඩනැගිලි හැදුවට රටක සංවර්ධනය මනින්න බෑ. එ්ක බලන්නේ අය වැය හා ආනයන අපනයන වෙළඳාම අතර පරතරයෙන්. එ්ක සෘණ අගයක හැමදාම. වෙනස් වෙන්න ඕන දේශපාලන අාර්ථික දර්ශනයයි.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 138 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2045 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1571 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site