(ප්‍රසාද් රුක්මල්)
මහියංගන එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායක කරු වීරරත්න මහතා සිය ආසන සංවිධායක ධූරයෙන් අද ඉල්ලා අස්විය.
එම ඉල්ලා අස්වීමේ ලිපිය එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරිය වන තලතා අතුකෝරාළ මහත්මියට ලැබීමට සැලස් වූ බවද කරු වීරරත්න මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට මෙන්ම එක්සත් ජාතික පක්ෂයට තමන් ආදරේ බවත් , පක්ෂය වැටී අසරණ වූ අවස්ථාවේ පක්ෂය වෙනුවෙන් විශාල කැපවීමෙන් කටයුතු සිදු කලබවත් හෙතෙම කීය .
නමුත් එක්සත් ජාතික පක්ෂයට අරක් ගත් ,මහපොළොවේ පය නොගහපු කිහිප දෙනෙකුගේ ක්‍රියාකලාපය නිසාවෙන් එක්සත් ජාතික පක්ෂය තවදුරටත් කඩා වැටෙමින් අගාධයකට යන බවත් ඔවුන් ආසන සංවිධායකවරුන්ගේ ප්‍රශ්න ගැටලුවලට ඇහුම්කන් නොදීම නිසාවෙන් තමන් කලකිරී මෙම තීරණය ගත් බවද කරු වීරරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය .
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
එජාපයේ තවත් කෑල්ලක් හැලෙයි
Sisindya Wednesday, 28 May 2025 03:59 PM
මේ ලපටි සංවිධායකයෝ. මොන පක්ෂයකටවත් ගන්නැහැ.
Nimal 1 Wednesday, 28 May 2025 04:00 PM
අලියා කපෝතියි, දුරකථනයත් සුන්...
m. saman perera Wednesday, 28 May 2025 04:14 PM
එජාපයත් තියෙනවද දැන්?
Neel Wednesday, 28 May 2025 04:23 PM
රනිල්ට ආදරයිලූ, බලාගෙන ගියාම රනිල්ට ගොඩාක් අය ආදරය කරන බව පැහැදිලියි... නමුත් මැතිවරණ වලින් පරාදයි.