IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


එච්.අයි.වී. අසාදිතයින් වැඩිවෙලා

(විමුක්ති එස් රුද්‍රිගු)

මෙම වසරේ අප්‍රේල් මස සිට ජූනි මස දක්වා වූ දෙවැනි කාර්තුව තුළ එච්.අයි.වී ආසාදිතයන්ගේ සංඛ්‍යාව පසුගිය වසරේ දෙවැනි කාර්තුවට සාපේක්ෂව  සැලකිය යුතු මට්ටමින් ඉහළ ගොස් ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ දත්ත වාර්තා පෙන්වා දෙයි.

එම කාලය තුළදී  එච්.අයි.වී ආසාදිතයන් 181 දෙනෙකු වාර්තා වී ඇති බවත් එය පසුගිය වසරේ දෙවැනි කාර්තුවට සාපේක්ෂව සියයට 39 ක පමණ වැඩි වීමක් බවත් එම දත්ත වාර්තාවල දැක්වේ.

පසුගිය වසරේ දෙවැනි කාර්තුවේදී එච්.අයි.වී ආසාදිතයන් 130 දෙනෙකු වාර්තා වී තිබේ.

මෙම වසරේ දෙවැනි කාර්තුවේ වාර්තා වූ එච්.අයි.වී ආසාදිතයන් 181 දෙනා අතර අවුරුදු 15 - 24 අතර පිරිමි 26 දෙනෙකු සහ ගැහැණු 3 දෙනෙකු සිටින බවද  ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන පෙන්වා දෙයි.

එසේම දෙවැනි කාර්තුව තුළදී ඒඩ්ස් මරණ 13 ක් වාර්තා වන බවත් මෙම වසර තුළදි මරණ 28 ක් වාර්තා වන බවත් ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන් වාර්තාවේ දැක්වේ.

එසේම ලෝකයේ මේ වන විට එච්.අයි.වී ආසාදිතයන් මිලියන 39 ක් සිටින අතර සෑම අවුරුද්දකම අලුතින් ආසාදිතයන් මිලියන 1.3 ක් වාර්තා වේ.  එමෙන්ම පසුගිය වසරේදී ඒඩ්ස් සම්බන්ධ රෝග හේතුවෙන් හය ලක්ෂ තිස් දහසක් පමණ මියගොස් ඇතැයි ඇස්තමේන්තු කර ඇත.

 



අදහස් (3)

එච්.අයි.වී. අසාදිතයින් වැඩිවෙලා

Saman Tuesday, 29 August 2023 05:24 PM

වැඩි වෙන්නේ නැතැයි .රට ඉඳලා අක්කලා බලාගන්න මෙහෙ ඉන්න අයියලා පොරකනවා මෙහෙ ඉන්න අයියා හැම වත්තකම රිංගනවා .ඕක අහන්න දෙයක් යැයි

:       0       0

අරgalaය Tuesday, 29 August 2023 10:05 PM

අරගලයේ ප්‍රතිඵල කියල නොකිව්වොත් මේක ට්‍රැක්ලන්තය නෙවෙයි

:       1       0

Prabash Wednesday, 30 August 2023 02:43 PM

හැම තැනම ගණිකා මඩම් ,මසාජ් සෙන්ටර් ,කුඩු ,ගණිකා වෙබ් සයිට් කීයක් ලංකාවේ තියනවද

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ක්‍රිකට් ක්‍රීඩක ගාස්තු ඉහළ නංවයි
2024 මැයි මස 05 195 0

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් සියයට 100 කින් ඉහළ නැංවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණ කර තිබේ.


සාගතය මුළු ගාසාවටම පැතිරෙන ලකුණු
2024 මැයි මස 05 140 0

උතුරු ගාසා තීරයේ ඇති සාගතය මේ වන විට කෙමෙන් කෙමෙන් ගාසා තීරය පුරාවට පැතිරෙමින් තිබෙන බවත් ලෝක ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂක සින්ඩි මැකේන් මහත්මිය ප්


ලක්ෂ අටකට වාලම්පුරි විකුණන්න බැරිවෙයි
2024 මැයි මස 05 106 0

රුපියල් ලක්ෂ අටක මුදලකට වාලම්පුරි දෙකක් අලෙවි කිරීම සදහා පුත්තලම පාලවිය ප්‍රදේශයට පැමිණි සැකකරුවෙකු පුත්තලම කොඨඨාශ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් අ


‘කරඳගොල්ල නායයෑමට උමා ඔය සම්බන්ධ නෑ‘
2024 මැයි මස 05 437 1

ඇල්ල - කරඳගොල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ නායයෑම උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් වූවක් නොවන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ හා භූ පර්යේෂණ දෙපාර්තමේන්තුව


වසරේ එක්දින ක්‍රීඩිකාව චමරි
2024 මැයි මස 05 227 0

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරිනී චමරි අතපත්තු අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) 2023 වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ස


විමල් පිලෙනුත් ජනපති අපේක්ෂකයෙක්
2024 මැයි මස 05 383 2

රට ගොඩනැගීම සඳහා නව සන්ධානයක් මේ මාසයේදී පිහිටවන බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 491 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1940 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1706 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site