
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කරුවලගස්වැව එගොඩපිටිය ප්‍රදේශයේ වසර දහසකට ඉපැරණි චෛත්‍යයක කැණිම් කරමින් සිටි සැකකරුවන් 5 දෙනෙකු වනජීවි තොරතුරු මත කරුවලගස්වැව පොලිස් නිළධාරීන් සමඟ වනජීවි නිළධාරීන් ඒකාබද්ධව අද (13) සවස අත් අඩංගුවට ගත් බව කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ නවගත්තේගම, කොබෙයිගනේ, නිකවැරටිය, වාරියපොල පදිංචි අවුරුදු 40,50, 52,56, යන වයස් වල පසුවන ව්‍යාපාරියින්,ගැරජ් බාස්වරයකු ,ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු බව කියයි.
අදාල වැටලීම සිදුවන අවස්ථාවේදී අවුරුදු 65 කට වැඩි වයසක පසුවු සැකකරුවකු පලා ගොස් ඇති බවත් මෙම සැකකරු අදාල නිදන් ගැනිමේ කටයුත්තේ කපුවා බව පොලිස් නිළධාරීන් හා වනජීවි නිළධාරීන් සැකකරතී.
කරුවලගස්වැව වනජීවි කාර්යාලයෙ නිළධාරීන්ට ලැබුණ තොරතුරක් මත කරුවලගස්වැව පොලිසියෙද සහාය ලබා ගනිමින් අදාල වැටලිම සිදුකර තිබුනී.
වැටලිම සිදුවන අවස්ථාවේදි අත් අඩංගුවට ගැනුන සැකකරුවන් අදාල වසර දහසට වැඩි චෛත්‍යය කැණිම් කර තිබු බව ද පොලිසිය කියයි.
එම ස්ථානයේ තිබු පුජා භාණ්ඩ සමඟ නුල් පහන් හා හදුන්කුරු ,සුවද දුම් ඇතුළු දෑ සමග මුහුදු වැලි තිබි සොයා ගත් බව බව කියයි.
මෙම සැකකරුවන් කැණීම් කල චෛත්‍ය අවට තවත් චෛත්‍ය කිපයක් මෙයට පෙර නිදන් සොරු විසින් කැණිම් කර ඇති බවත් මෙම චෛත්‍යයද අවස්ථා කිපයකදි මෙලෙස කැණීම් කර ඇති බවද කියයි.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.