එළැඹෙන සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන විස්සයි - 20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගිවන එංගලන්ත කණ්ඩායමෙන් මැද පෙළ පිතිකරු කෙවින් පීටර්සන් ඉවත් කිරීමට එංගලන්ත කි‍්‍රකට් බලධාරීහු ඊයේ පියවර ගත්හ.
බටහිර ඉන්දීය දූපත් සමූහයේදී අවසන් වරට පැවැති විස්සයි - 20 ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්තය කුසලාන දිනාගත් අතර එවර තරගාවලියේ වීරයා වූයේද පීටර්සන්ය. එංගලන්තය දිනාගත් ලෝක මට්ටමේ එකම කුසලානය වන්නේද 2010 විස්සයි - 20 ලෝක කුසලානයයි.
ජූලි මස මුල් සතියේදී එක්දින සහ විස්සයි - 20 කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගැනීමට පීටර්සන් තීරණය කළ අතර විස්සයි - 20 අන්තර්ජාතික තරග සඳහා ඉදිරිපත් වීමට ඔහුගේ බලාපොරොත්තුවක් තිබුණ නමුත් එංගලන්ත කි‍්‍රකට් මණ්ඩලය ඊට එක`ග නොවීය.
එංගලන්ත නායකයා සහ කණ්ඩායම විවේචනය කරමින් දකුණු අපි‍්‍රකානු කී‍්‍රඩකයන්ට කෙටි පණිවුඩ යැවීම නිසා එංගලන්තය සහ දකුණු අප‍්‍රිකාව අතර පැවැති තෙවැනි ටෙස්ට් තරගය ද පීටර්සන්ට අහිමිවිය.
එංගලන්ත විස්සයි - 20 ක‍්‍රිකට් සංචිතය:
ස්ටුවට් බ්‍රෝඞ් (නායක), ජෝනි බෙයාර්ස්ටෝව්, රවී බොපරා, ටිම් බ්‍රෙස්නන්, ඩැනී බි‍්‍රග්ස්, ජොස් බට්ලර්, ජේඞ් ඩ‍්‍රැන්බච්, ස්ටීවන් ෆින්, ඇලෙක්ස් හේල්ස්, ක්‍රෙග් ක‍්‍රිස්වටර්, මයිකල් ලැම්බ්, ඉවෙන් මෝගන්, ස්මිත් පටෙල්, ගේ‍්‍රම් ස්වොන් සහ ලූක් රයිට්.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
එංගලන්ත විස්සයි - 20 සංචිතයෙන් පීටර්සන් ඉවතට
සිසිර කුමාර Wednesday, 22 August 2012 03:09 PM
අවසානයේ වූයේ හොද ක්‍රීඩකයෙක් අහිමි වීම පමණයි. (නි)
රජිව් Thursday, 23 August 2012 12:00 AM
එන්ගලන්තයට දක්ෂ ක්‍රීඩකයෙක් අහිමි වීම පමණයි සිදුවූයේ. (නි)
මහේන් Wednesday, 22 August 2012 03:25 PM
අයියෝ පීටර් නැතුව අපිට දුකයි...(ස)
අංජුල Thursday, 23 August 2012 01:04 AM
අයියෝ! එන්ගලන්තෙට පීටර්සන් නැති වුණාට අපේ රටේ ඉන්නවානේ එක්කෙනෙක්. (නි)
කැල්වින් Thursday, 23 August 2012 01:21 AM
ඔන්න අයි.පී.එල්. වලින් සිදුවූ තවත් ප්‍රතිඵලයක්. (නි)
ගාල්ලේ කෙනෙක් Thursday, 23 August 2012 08:34 AM
අන්තිමට බලාපොරොත්තු නැතිවුණා නොවේද? (නි)
හිමාල් Thursday, 23 August 2012 08:48 AM
අයියා ගහමුද SLPL? (ස)
මලිත් Wednesday, 22 August 2012 12:19 PM
එක හොදයි (දී)
දිලන්ක Wednesday, 22 August 2012 06:36 PM
ඉතා දක්ෂ ක්‍රීඩකයෙක්. (නි)
ධනුෂ්ක Wednesday, 22 August 2012 01:46 PM
අපට ඔබ අහිමි වුණා. (ස)
කුරේ නාවලගේ ජූඩ් රොහාන් Wednesday, 22 August 2012 08:37 PM
ප්‍රිටර්සන් අහන්කාර කමට ඇදගෙන නෑව (අ)
සජී Thursday, 23 August 2012 05:41 PM
අපරාදේ! හොද පිතිකරුවෙක්. (නි)