IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


එක්ස්ප්රස් පර්ල් කපිතාන් - සී. කොන්සෝටියම් සමාගමේ පෙත්සම විභාගෙට

(මනෝප්‍රිය ගුණසේකර)

ලංකාවට ආසන්න මුහුදේදී එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනිගෙන විනාශවීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව මහාධිකරණයේ ගොනුකර ඇති චෝදනා නීතිවිරෝධී බවට තීරණය කර නඩුව නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලා එක්ස්ප්රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා සහ එහි දේශීය නියෝජිත සමාගම වූ සී. කොන්සෝටියම් ලංකා සමාගමේ අධ්‍යක්ෂවරු ගොනුකළ අභියාචනා පෙත්සම් තුනක විභාගය පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද ආරම්භ කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ, දිලීප් නවාස්, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලණී.

එක්ස්ප්‍රස් පර්ල් නැවේ කපිතාන්වරයා, එහි දේශීය නියෝජිත සමාගම වූ සී. කොන්සෝටියම් ලංකා සමාගම සහ එහි අධ්‍යක්ෂවරු ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නීතීපතිවරය නම් කර ඇත.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනත යටතේ එම නැවේ කපිතාන්වරයා ලෙස කටයුතු කළ රුසියානු ජාතික ටියුට් කාලෝ විටැලි ඇතුළු අටදෙනකු විත්තිකරුවන් කරමින් නීතීපතිවරයා කොළඹ මහාධිකරණයේ නඩු පවරා ඇතැයි පෙත්සම්කරුවෝ සඳහන් කරති.

එම නඩුව විභාගයට ගත නොහැකි බවට විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධතා මහාධිකරණ විනිසුරුවරයා ප්‍රතික්ෂේප කිරරීම නිසා මහාධිකරණය නියෝගය ප්‍රතිශෝධනය කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කළ අතර අදාළ ප්‍රතිශෝධන පෙත්සමට අවසර දීමට තරම් නීතිමය පදනමක් හෝ කරුණු නොමැති බවට තීරණය කරමින් වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් නොකරම පෙත්සම නිෂ්ප්‍රභ කෙරිණී.

ප්‍රතිශෝධන පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ තීන්දුව එරෙහිව පෙත්සම්කරුවන් මෙම අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇත.

 



අදහස් (0)

එක්ස්ප්රස් පර්ල් කපිතාන් - සී. කොන්සෝටියම් සමාගමේ පෙත්සම විභාගෙට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 195 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 162 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site