(ඩයනා උදයංගනී)
අ.පො.ස උසස්පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම වෙනුවෙන් කරන ගෙවීම් ඉහළ නැංවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
එම ගෙවීම් ඉහළ නැංවීම සඳහා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලය ප්‍රතිපත්තිමය අනුමැතියක් ලබා දුන් බවත් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සමග සාකච්ඡා කර එම ගෙවීම් සිදු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
විභාග ප්‍රතිඵල පමා වුවහොත් එයින් මෙම විභාගයට පෙනී සිටින 3,29,000ක් පමණ වන දරුවන්ගේ ජීවිතවලට වන බලපෑම ගැන සිතා මෙම පියවර ගත් බව ද ඇමතිවරයා කීවේය.
ඇමති බන්දුල ගුණවර්ධන මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (7) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
උ.පෙළ උත්තර පරීක්ෂකයන්ගේ ගාස්තු ඉහළට