IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


උමා ඔය ව්‍යාපෘතිය ගැන සොයන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්

(ඩයනා උදයංගනී,ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත්කිරීමට ජනාධිපති හා අගමැති තීරණය කර ඇතැයි වරාය හා නාවුක කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.

වැරදි යන්ත‍්‍ර සූත‍්‍ර යොදාගෙන උමග ඉදිකිරීම මෙම ගැටලූවට හේතුව බව විදේශීය විශේෂඥයින් පැමිණ කළ පරීක්‍ෂණවලදී හෙළි වී ඇතැයි කී අමාත්‍යවරයා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කළ විට පාර්ලිමේන්තුවේ වරප‍්‍රසාද හා බලය භාවිතා කර අවශ්‍ය පුද්ගලයින් කැඳවා මේ ගැන සොයාබැලිය හැකි බව ද සඳහන් කළේය.

මේ වන විටත් විශාල මුදලක් වැය කර ඇති උමා ඔය ව්‍යාපෘතිය එක්වරම නැවැත්විය නොහැකි බව ද එයින් ජන ජීවිතයට විශාල බලපෑමක් එල්ල වී ඇති බැවින් ඉදිරියේදී නිවැරදි තාක්‍ෂණය යොදාගෙන ගැටලූව විසඳිය  යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.

අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී අද(6) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම ගැටලූව ගැන සොයාබැලීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් ද පත්කරනු ලැබ තිබේ.



අදහස් (7)

උමා ඔය ව්‍යාපෘතිය ගැන සොයන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්

Indrajith Thursday, 06 July 2017 09:06 AM

ප්‍රංශයේ ලොයිරේ ගංගාවේ වේල්ලක් නිසා සිදුවන පරිසර හානිය සහ සාමාන්‍ය ජන ජීවිතයට සිදුවන හානිය පිළිබඳව දිගු කාලයක් සිදුකළ සටනකින් පසුව එම වේල්ල ඉවත්කිරීමට ප්‍රංශ රජය තීරණය කළේය. ව්‍යාපෘතියට කෝටි ගණනක වියදමක් කර තිබුණත් ඒ වියදමට වඩා පරිසරයට සිදුවන හානිය ගැන ප්‍රංශය සැලකිලිමත් විය. තායිලන්තය ලෝක බැංකු ණයක් රැගෙන සිදුකළ විශාල ව්‍යාපෘතියක් වන පාක් මුන් ගංගාවේ දැවැන්ත වේල්ලෙහි වාන් දොරටු හැර දමා ගංගාව යළි ප්‍රතිස්ථාපනය කළේ එම ගංගාවේ වේල්ලක් තනා වසා දැමීමෙන් සාමාන්‍ය ජන ජීවිතයට සහ පරිසරයට විශාල හානි සිදුවන බව හඳුනාගැනීම නිසාය. ලෝකයේ පරිසර පද්ධති ගැන මෙන්ම සාමාන්‍ය ජන ජීවිතය ගැන සිතා නැවැත්වූ දැවැන්ත ව්‍යාපෘති ඕනෑතරම්ය. එබැවින් උමා ඔය ව්‍යාපෘතියද නැවැත්විය හැක.

:       6       33

naradaThursday, 06 July 2017 10:54 AM

මේක ලංකාව. සල්ලි දෙන්නේ ඔයාද....?

:       0       20

bandula Thursday, 06 July 2017 09:11 AM

මේ හා සමාන දෙයක් කොත්මලේ උමඟේ කාන්දු වීමක් නැසීගිය කුලසිංහ මහතාගේ උපදෙස් පරිදි පිළිසකර කල බව මට මතකයි 1990 ගණන්වල... මෙය පිළිසකර කරන්න පුළුවන්. ටනල් රිලයිනින් ක්‍රම බොහෝ රටවල භාවිතා කරනවා. ගංගා යටින් පවා උමං තනන්න පුළුවන්.මෙය පිළිසකර කරන්න පුළුවන්.

:       0       2

siri Thursday, 06 July 2017 11:20 AM

ඉතින් මහත්තයෝ,...ඒ කාලේ ඔයත් ඇමති කෙනෙක් නේද?

:       0       0

Gayan Thursday, 06 July 2017 11:46 AM

මේ පළාත අරාබිය වගේ වේලිලා යනකම්ම තේරීම් කාරක සභා තියමින් ඉන්න..

:       18       7

sam Thursday, 06 July 2017 11:47 AM

එක පාරටම තේරීම් කාරක සභාවක් පත් කරන්නේ නැතිව, තේරීම් කාරක සභාවක් පත් කල යුතුද නැද්ද කියලා හොයාබලන්න කොමිසමක් පත් කලානම් හොඳයි.

:       0       45

menna Friday, 07 July 2017 01:38 PM

මේක ඉතින් හරියන රටක් නෙවෙයි වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31373 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13603 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11017 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 130 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1030 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site