IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


‘උමා ඔය ප්‍රශ්නය විසඳුවේ නැත්නම් ආණ්ඩුවට විරුද්ධව පෙනී සිටිනවා‘ - හරීන්

(ජයමාල් චන්ද්‍රසිරි)

උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදාළ බලධාරීන් සමග ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජූනි 30 වැනිදා සවස 6ට ජනපති නිල නිවසේ දී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ඩිජිටල් යටිතල පහසුකම් හා විදුලි සංදේශ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා අද(29) සිය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

‘උමා ඔයට එරෙහි ජනතාවගේ විරෝධය සාධාරණයි. ආණ්ඩුව මේ ප්‍රශ්නය හරියට විසඳුවේ නැත්නම් මටත් ආණ්ඩුවට විරුද්ධව පෙනී සිටින්න වෙනවා. තවමත් මේ ප්‍රශ්නයට හරියට විසඳුමක් නෑ‘ යැයි ද ඇමැතිවරයා කියා සිටියේය.

 

 



අදහස් (19)

‘උමා ඔය ප්‍රශ්නය විසඳුවේ නැත්නම් ආණ්ඩුවට විරුද්ධව පෙනී සිටිනවා‘ - හරීන්

kumar (galf) Wednesday, 28 June 2017 09:02 AM

සයිටම් මදිවාට තවත් දෙයක් වෙන හැඩයි....

:       27       132

sachith Wednesday, 28 June 2017 09:04 AM

අැයි මහත්තයෝ, මේ වෙලා තියෙන විනාසේ මදිද? ඔහොම්ම එන්න මුළු බණ්ඩාරවෙලම කාන්තාරයක් වෙනකම්. ඔබතුමාට ඉතින් ප්‍රශ්නයක් නෑනේ.... ඡන්දෙ අරගෙන කොළඹට වෙලා ඉන්න එකනේ....

:       679       702

පිටිගල මිලානෝ Wednesday, 28 June 2017 09:37 AM

මෙයට වගකිව යුත්තේ හිටපු අදුරදර්ශී පාලකයින් මිසක් වෙන කවුරුද...?

:       1414       2224

සිසිර Wednesday, 28 June 2017 10:47 AM

සෙනඟ දැකලද කොහෙද නැඟිටල තියෙන්නේ,..? අනේ මෙහෙමත් දේශපාලකයෝ...

:       199       200

athula Wednesday, 28 June 2017 11:06 AM

දැන් දනගත්තා මේ වෙලාවේ හැංගුනොත් ඉවරයි කියලා. 2008 ඕක පටන් ගත්ත දිනයේ සිට තනිවම සටන් කරනවා. දැන් දැනගත්තා මෙදා පාර හැංගුනොත් පාර්ලිමේන්තු ගිහින් ඉවර බව... ඒ හින්දා දැන් කොහොම හරි ඔලුව දාගන්න තමයි බලන්නේ...

:       173       203

rama Wednesday, 28 June 2017 11:51 AM

අනේ මෙතුමා එනකොට හඳ පායාවි... බස්නාහිරින්.... අඩුගාණේ දිස්ත්‍රික්කේ පදිංචි කෙනෙක් වත් කිව්වා නම් පිළිගන්න පුළුවන්. මේ වෙලා තියෙන විනාසේ මදිද?

:       121       170

vipula Wednesday, 28 June 2017 11:59 AM

උමා ඔයෙන් ජනතාව ඩිජිටල් වෙලා නේද?

:       295       192

රොමේෂ් Wednesday, 28 June 2017 12:00 PM

මේ විනාශයට හිටපු අයයි, දැන් ඉන්න අයයි දෙගොල්ලන්ම එක හා සමානව වගකියන්න ඕනා. ඊට අමතරව මේ විනාශය නොනවත්වා කරගෙනයන බව දැන දැනම නිසි පුද්ගලයන්ව පාලකයන් ලෙස තෝරා පත්කරගත් ජනතාවත් වගකියන්න ඕනා. දැන් මෙයාල මාධ්‍ය ඉදිරියේ තොත්ත බබාලා වෙන්න හැදුවට බලයට ඇවිත් අවරුදු ගාණක් තිස්සේ මොනවද මේ විනාශය නවත්වන්න ගත්ත පියවර? සැබෑ ජනතා නැගිටීම හමුවේ ලකුණු දාගන්න කරන මේවගේ හිරිකිත ප්‍රකාශ පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. ජනතාව දන්නවා මේ විරෝධය බලගන්වපු සැබෑ වෙල්ලස්සේ පුත්‍රයා කව්ද යන වග....?

:       762       802

aravinda Wednesday, 28 June 2017 12:29 PM

උමා ඔය ප්‍රශ්නය විසඳුවේ නැත්නම්, පුළුවන්නම් ඔබතුමා ඔය ඇමැතිකමෙන් ඉල්ලා අස්වී අපිට පෙන්නන්න.

:       1       50

ජි නන්දන Wednesday, 28 June 2017 12:51 PM

මෙහෙම කියන්නේ විරෝධය කරන ජනතාවගේ මනාප ගොඩ දැකලා නේද?

:       1       123

දිනේෂ් Wednesday, 28 June 2017 12:53 PM

උමා ඹය ව්‍යාපෘතිය දැන් කොටි වලිගේ අල්ල ගත්ත වගේ නෙවෙයිද?

:       0       20

de silva Wednesday, 28 June 2017 01:03 PM

අනේ.... ඔබතුමා විරුද්ධ වුණා කියල ආණ්ඩුව මොකක් කරන්නද? ඔය උමඟ නැවත පස් දමා පුරවන්නද? ඕව හදන්න තීන්දු තීරණ පසුගිය ආණ්ඩුව කාලේ කැබිනට් එකේ හිටපු කට්ටියනේ ඒ ගොල්ලො.... ඒ අය මොකක් හරි කරාවි....

:       0       0

de silva berlin Wednesday, 28 June 2017 01:12 PM

විරුද්ධවෙනවා කියල කියන්න ඕනෑම කෙනෙකුට පුළුවන්.... නමුත් මෙම ප්‍රශ්න විසඳන්න රජයට ඉදිරිපත් කළහැකි විකල්ප සැලසුමක් ඔබතුමාට තිබෙනවද?

:       0       30

ගගන Wednesday, 28 June 2017 01:45 PM

ආ... ඩිජිටල් එක්කෙනා ..ඔබතුමා ද මේ?

:       0       0

Madawa Wednesday, 28 June 2017 02:32 PM

කියවනවාට වඩා වැඩිය හොඳයි කරලා පෙන්නුවනම්... නැතිනම් ඡන්දෙ දීපු අපිටයි ගහන්න ඕනේ....

:       0       26

Lal Wednesday, 28 June 2017 03:32 PM

උමා ඔයට විතරක් නොවෙයි,.. රටේ බහුතරය මේ රජයට එරෙහිවෙලා ඉවරයි. හැම අංශයකින්ම මේ රජයේ අසාර්ථකත්වය ඔප්පුවෙලා ඉවරයි. තවදුරටත් රට විනාශ නොකර රජය විසුරුවාහැර මහා මැතිවරණයකට යන්න කාලේ ඇවිත්....

:       0       60

chandanaMonday, 03 July 2017 04:51 AM

උමා ඔය පටන් ගත්ත අයද ගේන්නේ? අපේ රටේ ජනතාව ගේන්නේ මේ දෙගොල්ලොනේ. කවදාවත් රටට හොඳ පාලකයෝ එන්නේ නෑ. ඡන්ද දායකයෝ තුන්වන වෙනසකට කැමති නෑ වගේ. බලන්න ප්‍රංශයේ ජනාධිපති ගෙනාවේ වෙනමම කෙනෙක්. මිනිස්සු වෙනස් වෙනවා නම් ඕන තරම් චරිත ඉන්නවා රට හදන්න. එත් කවදාවත් වෙන්නේ නෑ. හරිම කණගාටුයි.

:       0       0

de silva Thursday, 29 June 2017 07:14 AM

අන්න ඔය වැඩේ ගැන හොයා බලන්න. ජනාධිපතිතුමා දයාසිරි ඇමැතිතුමා ඇතුළු කට්ටියකට පවරලා ගිහින් පොරයක් අල්ලලා නේද? එතකොට නම් ලකුණු වැටේවි!!! ජනතාවට ප්‍රශ්නය අමතක වේවි!!! හරියට අර කුණුකන්දේ ප්‍රශ්නය වගේ..

:       0       0

de silva Saturday, 01 July 2017 03:40 PM

ඔහොම කතාකරවී පක්ෂේ නායකයා රනිල් මහත්තයා නිසා.... ජයවර්ධන, ප්‍රේමදාස, රාජපක්ෂ වැනි නායකයෙක් යටතේ වැඩ කලානම් ඔහොම කියන්න තබා හිතන්නෙවත් නැහැ නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1975 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1547 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site