IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


උමා ඔය නතර නොකරන්නැයි ජනපතිට ඉල්ලීමක්

(සනත් ගමගේ)

හම්බන්තොට දිස්ත්‍රික්කයේ දිර්ඝ කාලයක සිට පවතින ජල ගැටළුවට විසඳුමක් ලෙස ඇරැඹි උමා ඔය බහු කාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය නතර නොකරන ලෙසට හම්බන්තොට දිස්ත්‍රික් ඒකාබද්ධ ගොවි සංවිධානය ජනපතිවරයාගෙන් ඉල්ලා සිටී.

එම ඉල්ලිම් ලිපියේ මෙසේ ද සඳහන් වේ,

“ 2005 දි යෝජනා වූ උමාඔය සංවර්ධන යෝජනා ක්‍රමය  මගින් හම්බන්තොට පමණක් නොව වැල්ලවාය, හඳපානාගල, බලහරුව, මොණරාගල, තණමල්විල ජනතාවගේ පානිය ජල ගැටළුව මෙන්ම කෘෂීකාර්මික කටයුතු සඳහාත් ප්‍රයෝජනයක් වන හෙයින් මෙම ව්‍යාපෘතිය කලාපයටම ප්‍රයෝජනවත් ව්‍යාපෘතියක් හෙයින් ගොවිහු ඉමහත් සතුටට පත්වි සිටියහ . ඒ අනාගත පරපුරට කරන මහා දායාදයක් හෙයිනි.“

“එහෙත් අවාසනාවක මහිමය උමාඔය සංවර්ධන ව්‍යපෘතියෙන් බණ්ඩාරවෙල ඇතුළු ප්‍රදේශ කිහිපයකට සිදුවන හානිදායක තත්ත්වය මත කෘෂිකාර්මික දිස්ත්‍රික්ක දෙකක ජල අවශ්‍යතාවට පිළියම් ලෙස සිදු කරන ව්‍යාපෘතියක් නතර කිරිම කාලෝචිත පියවරක්දැයි අපි විමසා සිටිමු.සිදුවන හානි අවම කරගෙන ඒ සඳහා විශේෂඥ දැනුම ලබාගෙන සාර්ථක ව්‍යාපෘතියක් ලෙසින් මෙය ඉදිරියට ගෙනගිය හොත් හම්බන්තොට මාගම ගොවියාට පමණක් නොව සමස්ත රටේම ජනතාවට කරන මහඟු දායාදයක් බව අපි විශ්වාස කරන්නෙමු.

කරුණු එසේ හෙයින් ජල ගැටළුවෙන් පරම්පරා කිහිපයක් දැනට පිඩා විඳිමින් සිටින මාගම්පුරයේ අනාගත ගොවි දරුවන් වෙනුවෙන් උමා ඔය සංවර්ධන ව්‍යාපාතිය ජනතා පිඩා අවම කරමින් ක්‍රියාත්මක කරන ලෙසට රජයෙන් ඉල්ලා සිටිමු.“ 



අදහස් (6)

උමා ඔය නතර නොකරන්නැයි ජනපතිට ඉල්ලීමක්

පිටිගල මිලානෝ Thursday, 20 July 2017 09:43 AM

ලංකාවේ සශ්‍රීකම, සුන්දරම ප්‍රදේශයක් විනාශ කර ලංකාවේ කටුකතම, ශුෂ්ක ප්‍රදේශයක් සංවර්ධනය කිරීමට යාම පාලකයකුගේ නිවැරදි තීරණයක් නොවේ.

:       52       149

kumar (galf) Thursday, 20 July 2017 09:58 AM

සුද්දෝ නැගෙනහිර කඳුකරය විනාස කරන්නට පෙර, රජවරු වෙල්ලස්ස අස්වැද්දුවේ කොහොමද, අන්න ඒ ආකාරයර නැවත කැලේ වවලා ජලරක්ෂණය කරලා කුඩා වැව් බන්දලා මහා වැව් වලට වතුර ගෙනියලා ආයේ වෙල්ලස්ස හම්බන්තොට අස්වද්දමු.

:       0       0

vipula Thursday, 20 July 2017 10:45 AM

මට පොර්ට් සිටිය මතක් වෙනවා. මේවගේම විගඩමක්නේ කලේ

:       0       0

ගයාන් Thursday, 20 July 2017 11:18 AM

අනේ ඇත්තද... මේ ඔයාලාට ඔයාලගෙ පළාත වගේම අපේ පළාත අපිට වටිනවා. අනික ලංකාවේම තියෙන ලස්සනම වගේම සශ්‍රිකම පළාතක්. මේ පළාත විනාශ කරලා ඔයාලා ගොවිතැන කරගත්තොත් හරිද. මේ බණ්ඩාරවෙල මිනිස්සුන්ත් ගොවිතැන කරනවා. මේ ව්‍යාපෘතියෙන් ගොඩාක් අයට බොන්නට තිබුණ වතුර ටිකත් නැති වුණා .වහාම නවත්වන්න මේක.

:       0       35

mahesh Thursday, 20 July 2017 01:13 PM

අපට දැන් සිටින පාලකයන් ගන්න තීරණ රටට සුබ දායක ඒවා නොවන බව අප දනිමු. නමුත් බණ්ඩාරවෙල තත්වය දැනගෙනත් හම්බන්තොට අනුවන ගොවියන් ඉල්ලන දේ සාධාරණද. ඔවුන්ගේ බුද්ධි මට්ටම ද එහෙම නැත්නම් එකෙක් නැති කරලා හරි තමන් හැදෙන්න තියෙන කෑදර කමද?

:       0       0

Padmini Friday, 21 July 2017 04:18 AM

හම්බන්තොට මිනිස්සු කවදද සාධාරණ තීරණයක් ගත්තේ. තමන්ගේම මල්ල පුරවාගැනීම මිසක්.

:       0       28

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31388 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13630 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11021 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 132 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1036 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site