( තිළිණි ද සිල්වා)
මෙරට ජනප්‍රිය ගායකයකු වන සන්තුෂ් වීරමන් මහතාට සහ ජනප්‍රිය ගායිකාවක වන උමාරියා සිංහවංසට මහත්මියට මේවන විට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා කරයි.
සන්තුෂ් මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලකට අනුබද්ධිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටින බවද පැවසේ.
මෙරට ගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන බී ඇන් එස් හී ප්‍රධාන සාමාජිකයකු වන සන්තුෂ් වීරමන් මහතා සංගීත අධ්‍යක්ෂවරයු මෙන්ම ගීත තනු නිර්මාණකරුවෙක් ලෙසද කටයුතු කරයි.
උමාරියා සිංහවංශ මහත්මිය මේ වන විට වනවිට කොවීඩ් ප්‍රතිකාර අතරමැදි මධ්‍යස්ථානයක ප්‍රතිකාර සඳහා යොමු වී සිටින බව ද සඳහන් වෙයි.
මීට පෙරද බී ඇන් එස් සංගීත කණ්ඩායමේ සාමාජික භාතිය ජයකොඩි මහතාට ද කොරෝනා වයිරසය ආසාදන විණි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.