(රංජන් කස්තුරි )
උමාඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමයේ උමග ආශ්‍රිත සියලු කැණීම් තාවකාලිකව නතර කරන අතර උමං මාර්ගයේ ඇති විදුම් යන්ත්‍රය ඉදිරි දින දහය ඇතුළත එම ස්ථානයෙන් ඉවත් කිරිමට පියවර ගන්නා බව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා පැවසීය.
.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
උමාඔය කැණීම් නතර කරයි
athula Thursday, 06 July 2017 12:24 PM
මෙච්චර විනාශයක් කරන කන් හිටියට මේ පාලකයන්ට උපරිම දඬුවම් දෙන්න ඕනේ... අද මුළු මධ්‍ය කඳුකරයම දෙදරලා ඉවරයි. දැන් තියෙන්නේ මහා වරුසාවකට මධ්‍ය කඳුකරයම පහලට ඇදවැටිලා යටවෙන එක විතරයි.
WijebahuFriday, 07 July 2017 01:46 AM
රාජපක්ස කරපු හුඟක් වැඩ චන්දෙ දිනන්න බලාගෙන කරපු වැඩ මිසක් දුරදිග බල කරපු ඒවා නොවෙඊ .
kumar (galf) Thursday, 06 July 2017 12:39 PM
ඉරාන් කාරයෝ දන්නවාද මේ වගේ තාක්ෂණික වැඩකරන්න? මේ වැඩේ ඉතින් ඉරානෙට දීලා තියෙන්නේ හරි වැඩක් කරගන්න බලාගෙන නොවෙයිනේ... මහා පරිමාණයෙන් කෑමට නේද?
රංජිත් ආරියරත්න Thursday, 06 July 2017 01:32 PM
මෙය ඉතා බරපතළ විනාශයකි. මාගේ දැනීමට අනුව උමා ඔය ව්‍යාපෘතිය පිළිබඳ අන්තර් ජාලයේ පවතින තොරතුරු ආශ්‍රිත විමසුමක දී මෙම ව්‍යසනයට මුල් වන්නේ උමා ඔය ව්‍යාපෘතිය පිළිබඳ නියමාකාර අධ්‍යනය කර ව්‍යාපෘතිය සැලසුම් කරණය නො කිරීමයි. මේ නිසා උමං මාර්ගයේ පවතින ඝන පාෂාණයේ පැලුම් හා දුර්වල ස්ථාන හඳුනා ගෙන කොන්ක්‍රීට් ආස්තරණ කල යුතු ය. එම ස්ථාන නිසියාකාරව හඳුනා ගෙන නොමැතිව උමඟ කැනීම නිසා ඊට ඉහළින් ඇති භුමියේ ඇති භූගත ජලය සමග පස් උමඟ තුලට කාන්දුවීම් මගින් ළිං සිඳීයාම් සහ භුමියේ ගිලා බැසීම් නිසා පොළොවේ දැඩි බව අඩුවේ. මේ නිසා නිවාස, ගොඩනැගිලි ඉරි තලා බිඳී යයි. කැණීම් අවස්ථාවට ප්‍රථම මෙවැනි ස්ථාන හඳුනා ඊට පිළියම් යෙදීමේ තාක්ෂණය ලොව පවතී. 1970 දශකයේ කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය යටතේ මෙතරම් දිග නොවූවත් මෙවැනි උමං 3 ක් ඉදිකර ඇති නමුත් ඉන් ගැටළු ඇතිවී නැත. මෙහි දී එම ක්‍රම භාවිතයක් නො පෙනේ. මෙම භූගත ජලය සම්පුර්ණයෙන් බැස ගිය පසු එම ස්ථාන පිළියම් කිරීමෙන් නැවත සාමාන්‍ය තත්වයට භූගත ජලය පත්වීම ක්‍ෂණිකව සිදු නොවේ. මෙයට ප්‍රදේශයේ වර්ෂාපතනය භූගත ජල පැතිරුමේ විශාලත්වය වැනි සාධක නිසා වසර කීපයක් ගත වේ.
karolis Thursday, 06 July 2017 01:55 PM
බලනකොට එළුවාත් නෑ... මුට්ටියත් නෑ.. අන්තිමට
Chandra Thursday, 06 July 2017 02:43 PM
කොන්ත්‍රාත් වැඩ නවත්වනවා නම් කොන්ත්‍රාත්කරුගේ ප්‍රමාද ගාස්තු ගෙවිය යුතුයි. මේවත් අපෙන් ගන්න බදුවලින්ම තමයි ගෙවන්න වෙන්නේ. ජල කාන්දුව නවත්ව ගන්න පිලියමක් කරානම් ඒ වියදමෙන්....
aravinda Thursday, 06 July 2017 03:26 PM
මේ උමඟ එකවර එක දිගටම සෑදුවා නම් බොහෝ විට මේ ප්‍රශ්නය ඇති නොවීමට ඉඩ තිබුණා. මා සිතන්නේ කැනීම් අතරමග නවත්වා, කොන්ක්‍රීට් ආස්තරණ කිරීම නැවැත්වීමෙන් මේ තත්වය බරපතල වූවායැයි සිතමි. යෝජනා කර ඇති මහනුවර ප්‍රදේශයේ සෑදීමට නියමිත උමඟ සම්බන්ධයෙනුත්, රජය මෙවැනි අපදා සැලකිල්ලට ගනු ඇතැයි සිතමි.
chathuri Thursday, 06 July 2017 05:34 PM
මේ විනාශය කරපු මෝඩ රජා තවමත් නිදැල්ලේ...මේකද අර එදා කිව යහ පාලන ක්‍රමය හෙවත් දුශිතයින්ට දඬුවම් දීමේ ක්‍රමය...වත්මන් පාලකයිනි...ලැජ්ජයි ..අපිටනම් ලැජ්ජයි...
abaran Thursday, 06 July 2017 11:27 PM
කළ යුතුදේ සහ නොකළ යුතුදේ නොදන්නා උන්ගේ අතට සුක්කානම ගියා නම් මක් කොරන්ටද?උමා ව්‍යාපෘතිය ඔයාකාරයෙන්ම කරගෙන යෑමට හැකි අයුරින් කළ හැකිදේ බොහොමයක්තියෙනවා..මොළේ ඇති උදවියගෙන් උපදෙස් ගත්තා නම් හොඳයි ජල හිගයක් නැතිව මෙය අවසන් කරන්නේ කෙසේද කියා...
ලුම්බිණි Friday, 07 July 2017 12:14 AM
මෙම පරිසර විනාශය අනුමත කලවුන්ට දඬුවම් දිය යුතුයි. එතකොට මින් පසු වත් මෙවැනි දේවල් කරන එකක් නැහැ.
thennakoon Friday, 07 July 2017 12:35 AM
මේ සම්බන්දව පරිසර වාර්තාව සැකසු මහාචාර්ය ස්වර්ණ පියසිරි වහාම අත්අඩංගුවට ගතයුතු අතර මෙවන් බොරු වාර්තා සැපයු එයට විරුධව වහාම කටයුතු කරන්න
saman Friday, 07 July 2017 01:18 AM
අපේ රටවල මෙන්න මේවා තමා අවුල් . සාමාන්‍යයෙන් සංවර්ධන ව්‍යපෘති කරනකොට විවිධ තාක්ෂණික ගැටළු ඇතිවෙනවා. ඒවා සුළු වෙන්න පුළුවන් බරපතල වෙන්න පුළුවන්. ඒවා ලෝකයේ තියන නවීන තාක්ෂණික ක්‍රම වලින් විසදන්නේ නැතුව මේවා අතහැර දැමීම මහා අපරාධයක්. මේ ව්‍යාපෘතියේ මේ වනවිටත් 70% විතර අවසන් කරලා තියෙන්නේ මේ වනවිට මිලියන බිලියන ගානක් වයදම් කරලත් ඉවරයි. මේවා ඔක්කොම ණය වශයෙන් ගත්ත මුදල්. මේ ප්‍රශ්නෙට කවදත් රට අවුලන, රටේ දියුණුවට අකුල් හෙලන අන්තවාදීන් කොටසක් ජනතාව කුලප්පු කරමින් ඉන්න බවත් පේනවා . රජය, මේ ක්ෂේත්‍රය සම්බන්ධව දැනුවත් විද්වතුන්ද එක්කරගෙන ඔය අන්තවාදී කොටස් එක්ක නොව කෙලින්ම ජනතාව සමග සාකච්චා කර ජනතාවටද යහපතක් වන ලෙස මේ ප්‍රශ්නයට ධනාත්මක විසදුමක් ලබාදීමට උත්සුක විය යුතුය.
Asanka Friday, 07 July 2017 02:50 AM
කොන්ත්‍රාත් වැඩ නවත්වනවා නම් කොන්ත්‍රාත්කරුගේ ප්‍රමාද ගාස්තු ගෙවිය යුතුයි. මේවත් අපෙන් ගන්න බදුවලින්ම තමයි ගෙවන්න වෙන්නේ. ජල කාන්දුව නවත්ව ගන්න පිලියමක් කරානම් ඒ වියදමෙන්.... මෙයාල නොරොච්චෝලෙත් 2002- 2004 කාලේ නැවෙත්තුව නේ. නවත්තන ඒවාට දක්ෂ වුනාට මුකුත් කරන්ඩ දන්නේ නම් නැති පාටයි...
vipula Friday, 07 July 2017 03:11 AM
බයවෙන්න එපා මේවා නවත්වන්නේ නැහැ . පොර්ට් සිටිය මතක් කරගන්න . එතකොට තේරේවි
bandara - kakirawa Saturday, 08 July 2017 04:10 AM
එකිනෙකාට දෝෂාරෝපණය නොකර හැකි ඉක්මණින්ම ජලකාන්දුව නතර කරන්න ඇමරිකාවෙන් සහය ගන්න. මුලික ගැටළුව විසඳගෙන, ඉන්පසු වැරදි කරුවන්ට දඬුවම් ලබාදෙන්න. නීතිය ක්‍රියාත්මක කිරීමයි සිදුවිය යුත්තේ...
disanayaka Monday, 10 July 2017 04:49 AM
මෙය නම් මහා විනාශයකි. අපේ නායකයින් හැමදාම තීරණ ගන්නේ දුරදිග නොබලා. මෙවැනි ව්‍යාපෘති ඇරබීමට ප්‍රථම ඉහල තාක්ෂණික අධ්‍යනයක් කළයුතුව තිබුනා.නමුත් මෙයට සම්බන්ද සියලු තීරණ ගත් නායකයෝ පටු අරමුණු ගැන පමණක් සිතන්නට ඇති. දැනට ලොකු විනාශයක් වී හමාරය. රජයට සම්බන්ද ඉංජිනේරු ආයතන සියල්ල නිදි. මේ අය කොහොමත් පින් පඩි ගන්නවා මිසක් රටට කරන වැඩක් නෑනේ. දැන් විශාල මුදලක් වියදම් කර සහ ගසා කෑ අහවර නිසා රජය විසින් කලයුත්තේ ඉංජිනේරු තාක්ෂණික අධ්‍යනයක් කිරීම සදහා ඉහල පෙලේ විදේශීය ඉංජිනේරුවරුන් සහ ලංකාවේ සිටින ඉහල පෙලේ ඉංජිනේරුවන් රැස්කොට ගතයුතු හොඳම තීරණය ගැනීම පමණි. නැතිනම් මෙතෙක් වියදම් කරනලද මුදල් සහ මෙම ව්‍යාපෘතියෙන් ලැබීමට තිබුණු ප්‍රතිපල නිකන්ම මහා අපරාදයක් බවට පත්වනු ඇත. මෙහිදී මුදල් ගසාකෑමට පමණක් සලකා තීරණ ගත් නිලදරීනටද දඩුවම් ලබාදිය යුතුය.