
(මනෝප්‍රිය ගුණසේකර)
අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ මන්ත්‍රීධූරය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති රිට් පෙත්සම පෙබරවාරි 19 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද තීරණය කළේය.
පෙත්සම්කරුවන් අතුරු සහන ඉල්ලීමට අපේක්ෂා කරන බැවින් සියලු වගඋත්තරකරුවන්ට නොතීසි දීමෙන් අනතුරුව පෙත්සම සලකා බැලීම සුදුසු බව දැනුම් දෙමින් අභියාචනාධිකරණය එලෙස තීරණය කළේය.
අභියාචනාධිකරණ විනිසුරු එම්. ගොපල්ලව මහතා හමුවේ පෙත්සම කැඳවීය.
අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හෙරත් මහතා ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා, රුහුණු විශ්ව විද්‍යාලය සහ එහි උප කුලපති ඇතුළු පිරිසක් නම් කර ඇත.
මහ මැතිවරණයෙන් අනතුරුව ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පාර්ලිමේන්තුවට පත්කළ බව සඳහන් කරන පෙත්සම්කරු ඔහු ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් කරන අවස්ථාවේදී රුහුණු විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා මහාචාර්යවරයකු ලෙස සේවය කරමින් සිටි බවට තොරතුරු ලැබී ඇතැයි සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
උපාලි පන්නිලගේ මන්ත්‍රිධූරයට එරෙහි පෙත්සමට දින දෙයි