ජපානයේ දකුණු යොකොහමා නගරයේ සීත කාලයේදී බහුලව පැතිරී යන වෛරසයක් හේතුවෙන් ජපන් ජාතිකයන් සතර දෙනකු රෝහල් ගත කිරීමෙන් පසුව මිය ගිය බවත්, තවත් සිය දෙනකු රෝහල් ගත කැර ඇති බවත් ජපාන ආරංචි කියයි.
ශ්‍රී ලාංකිකයෝ වැඩි දෙනක් එහි සේවය කරති.
ජපාන නිල වාර්තා අනුව මෙම තත්ත්වයට හේතුවී ඇත්තේ රුධිර පද්ධතියේ රෝගී තත්ත්වයක් උත්සන්නවීමෙන් ඇතිවන්නා වූ පාචනය, වමනය, සෙම්ප්‍රතිශ්‍යාව හා නිව්මෝනියාවයි. මෙම රෝගී තත්ත්වය හඳුන්වන්නේ නෝරෝවෛරසය (උදරයේ සෙම්ප්‍රතිශ්‍යාව) යනුවෙන් බව යොකොහමා රෝහල් අධ්‍යක්ෂ, වෛද්‍ය සෙයිජි ෂිබුයා මාධ්‍ය හමුවේ පැවැසීය.
අපිරිසුදු ආහාර, බීම, මනා ලෙස නොතැම්බුණු බෙල්ලන් අමු පලතුරු හා එළවළුවලින් මේ වෛරසය පැතිර යා හැකිය.
එම වෛරසය ඇති දෙයක් අල්ලා නාසය ඇල්ලීමෙන් ද වෛරසය ශරීර ගත වෙයි.
අපිරිසිදු ආහාර ගත් පුද්ගලයකුගෙන් මෙම වෛරසය තව කෙනෙකුට බෝවිය හැකියි.
එමගින් කෑම වර්ග බහා ලූ බඳුන් වලින් ද බෝවිය හැකිය.
රෝග මර්දනයේ සහජ හැකියාව අඩු අයට ලේසියෙන් මේ රෝගය බෝ විය හැකියි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
උදර සෙම්ප්‍රතිෂ්‍යාව ජපානෙටත්