IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


උදයංග වීරතුංගගේ ගිණුම් 16 කට පැනමාවෙන් සහ ලැට්වියාවෙන් මුදල්


(ෂෙහාන් චාමික සිල්වා)
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාට අයත් බැංකු ගිණුම් වලට පැනමාවෙන් සහ ලැට්වියාවෙන් මුදල් ලැබී ඇති බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට දැනුම් දී තිබේ. යුක්රේනයේ නිෂ්පාදිත MiG-27 වර්ගයේ ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් රජයට සිදුවූ අලාභය පිළිබඳ පරීක්ෂණ කිරීමේදී මේ බව හෙළිදරව් වී තිබේ.
මෙම මුදල් ලැබුණු ආකාරය අපහැදිළි බවද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට දැනුම් දී තිබේ.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පවසන්නේ සැකකරු ඇමරිකාවේ පදිංචි වී සිටින බව කියැවෙන හෙයින් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අන්තර්ජාතික වරෙන්තුවක් නිකුත් කර ඇති බවයි. ඇමරිකානු ඩොලර් මිලියන 1.5 ක (රුපියල් මිලියන 225.5 කට වැඩි) පමණ ප්‍රමාණයක්  උදයංග වීරතුංග මහතාට අයත් ගිණුම් 16 කට වරින් වර බැර කර ඇති බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය කියයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මියට දන්වා සිටියේ සැකකරු හමුවේ අත්සන් තබන ලද කොන්ත්‍රාත්තුවේ මුල් පිටපත් තවමත් සොයාගැනීමට නොහැකි වී තිබෙන බවයි.



අදහස් (17)

උදයංග වීරතුංගගේ ගිණුම් 16 කට පැනමාවෙන් සහ ලැට්වියාවෙන් මුදල්

daham Saturday, 08 April 2017 10:21 AM

අනේ මේ මල නාඩගම් ඉවර වෙන්නේ නැද්ද. අපිට දැන් මේවා අප්පිරිය වෙලා.

:       564       2848

shan saudi Saturday, 08 April 2017 12:14 PM

තාම ඉවර නැ මොකද මහා හොර මෙහෙ උන්නට සහචරයෝ ඉන්නේ රටින් පිටනේ හොරකම් කරපුව හංගල තියන තැන ඔය එළිවෙන්නේ

:       944       596

රත්නායකSunday, 09 April 2017 03:20 PM

මහ හොරා කියනකොටම මට මතක් වෙන්නෙ මහ බැංකුව ගැනම තමයි....

:       1       29

Jayantha Saturday, 08 April 2017 12:46 PM

කතාව අඩු කර වැඩ වැඩි කරනු.

:       0       0

SUNIL WIJESENA Saturday, 08 April 2017 12:59 PM

මේ අවුරුදු පහම හොරු හොය හොයා ඉමු

:       1       86

saman Saturday, 08 April 2017 01:45 PM

ඔය වගේ නාටක කියක් පහුගිය දවස් වල රඟ දැක්වුවද? අන්තිමට ඉවර වෙච්ච එක තමා තජුදින්ගේ ඇටකටු නාටකය. මේවා දකිනකොටත් අපිට ඔක්කාරෙට එනවා

:       5       66

Marlan De Silva - Canada Saturday, 08 April 2017 03:52 PM

මේක හරිම විකාරයක් , මේ ආටක නාටක හමාරවී කවදා රටේ යහපත හා දියුණුව ගැන මිනිසුන් හට සතුටු වියහැකි බහු බූත වලින් තොර හොඳ අදහස් උදහස් පලවෙන ලිපි මාද්‍යයෙන් දැකිය හැකිද? හැමදා පලවෙන්නේ වංචා දූෂණ සහ හොර මැරකම් , අල්ලස් . දඩුවම් දුන් සොරකමකුත් නෑ , අසුවුන හොරෙකුත් නෑ , මේවා නීතියේ ඇති අඩු ලුහුඬු කම්ද? නැත්නම් බෙදාගෙන කෑමක්ද? හරි හැටි පෙනෙන්නන් හට සහ බලන්නන් හට මහත් ගැටලුවකි . කාහටත් දන්නා දෙයකි සොරු පමණක් නොව සොරදෙටුවන්ද ඇත , කල සහ කෙරෙන සොරකම්ද ඇත , වංචා දූෂණද අඩුවක් නැත , මාද්‍යට , රහස් පොලිසියට , පොලිසියට බරටම වැඩ ඇත , නමුත් කෙරුණ සහ කෙරෙන දෙයක් පෙනීමට නැත . සමහරුන් ඇතුලට යති කලකින් පිටතට එති , සැවොම නිදැල්ලේ වැජඹෙති .කාලය ගෙවී යයි රටේ මිනිසුන් ටිකට් වෙනුවට චන්දයදී නාටකය නරඹයි . කතා ඇත වැඩ නැත .

:       2       6

sam Saturday, 08 April 2017 10:08 PM

ඩොලර් මිලියන 1.5 ඒ කියන්නේ ලක්ෂ පහළොවක් කියන්නේ සාමාන්‍යයෙන් ලොකු මුදලක්. නමුත් කාලයක් පිටරටක ජීවත්වෙන කෙනෙකුට හෝ තානාපතිකමක් වැනි තනතුරක් දරන කෙනෙකුට, හොරකම් කරලා සඟවන්න තරම් මේක "මහා විශාල මුදල් කන්දරාවක් " නොවේ . මේ හා සමාන වත්කම් තියන ලාංකිකයෝ දහස් ගණනක් පිට රටවල ජීවත් වෙනවා .

:       58       11

RajithSunday, 09 April 2017 08:16 PM

සෑම් ගණන් බැ නේද? ඩොලර් මිලියන 1.5ක් කියන්නේ කොටි 22ක් විතර (220000000)

:       0       3

rocky Sunday, 09 April 2017 03:16 AM

මල නාඩගමක් වගේ සමහර සපොටර්ලට පෙනුනට මේක රාජ අනුග්‍රහය ඇතුව සිදු කල භයානක හොරකමක්! සොරකම් කර මුදල් රාජසන්තක කර සොරාට නිසි දඬුවම් දිය යුතුයි.

:       83       2

mahesh Sunday, 09 April 2017 03:25 AM

හරි! මහින්ද මහත්තයාගේ පිරිවරම හොරු කියමුකො, එනිසානේ ලක්ෂ 62ක් යහා පාලනයට චන්දේ දුන්නේ. නමුත් යහ පාලනයෙන් අපිට මොකක්ද ලෑබුනේ. මුකුත් නෑහෑ.

:       13       156

gayan Sunday, 09 April 2017 03:53 AM

ශාන් , මොන හොරකම වුනත් මහා බැංකු හොරකම තරම් ලොකු නැ නේද ?

:       6       134

ධනංජය Sunday, 09 April 2017 05:03 AM

අපරාදේ ! අය වැය පරතරය පියවීමට හැකි මුදල් නේද මේවා. මේ මුදල් වහාම සොයා ගෙන වහාම අය වැය පරතරය පියවිය යුතුය.

:       1       46

Pitigala Milano Sunday, 09 April 2017 07:14 AM

ලංකාවේ ඉන්නේ කොන්ඩේ බැඳපු චීන්නු කියලයි මේ අලුත හොරු අල්ලන්න ආව අය හිතාගෙන ඉන්නේ.

:       6       87

Srimali Sunday, 09 April 2017 12:08 PM

රුපියල් කොටි 25 කට පමණ සමාන මුදලක් පැනමා රටෙන් මෙම ගිණුමට දාලා තියෙනවනම් ඒ මොනවටද? කියල සොයා බැලිය යුතුයි. මෙය අනිවාර්යෙන්ම කොමිස් මුදලක් විය යුතුයි.

:       10       0

gamini Monday, 10 April 2017 12:37 AM

යහපාලනයෙන් අපි බලාපොරොත්තු දී 100 සීයක් ඉටු නොවුනත් රටට ප්‍රජාතන්ත්‍රවාදය ලැබී ණය බරින් නිදහස් වෙන ගතියක් පේනවා.

:       3       0

wasantha Monday, 10 April 2017 12:52 AM

පොහොට්ටුව නැවත ආවොත් මේගොල්ල තමා රට නියෝජනය කරලා ගනුදෙනු කරන්නේ. ජයවර්දන මහත්තයට පස්සේ බිහි වුණු හොඳම ජනාධිපතිතුමා බිහි වුනේ පොළොන්නරුවෙන්. එතුමා නිවැරදි තීරණ ගනිමින් ඉන්නවා. දෙපැත්තේම හොරු අල්ලමු, දඬුවම් දෙමු.

:       47       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1935 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1536 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 538 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site