සිරාජ් හසීම් සහ එම් පරමේෂ්වරන්
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා මහ ඇමතිධූරයෙන් ඉවත් කරන්නැයි බලකරමින් එම පළාත් සභාවේ මන්ත්‍රීන් 21 දෙනෙකුගේ අත්සනින් යුත් පෙත්සමක් පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාට අද (14) රාත්‍රියේ බාර දී ඇතැයි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
උතුරු පළාතේ මීළඟ ප්‍රධාන අමාත්‍ය වරයා ලෙස උතුරු පළාත් සභාවේ වත්මන් සභාපති සී.වී.කේ සිවඥානම් මහතා පත්කළ යුතු යැයි මන්ත්‍රීවරුන් පිරිසක් ඉල්ලා ඇති බව ද, උතුරේ සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි පී.සත්‍යලිංගම් මහතා පත්කළ යුතුයැයි තවත් මන්ත්‍රීවරුන් පිරිසක් ඉල්ලා ඇති බව ද පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් මහතා සඳහන් කළේය.
උතුරේ අමාත්‍යවරුන්ගේ දූෂණ වංචා සෙවීම සදහා පත්කළ විමර්ශන කමිටුව විසින් සත්‍යට පටහැනි කරුණු සහ චෝදනා ඇතුළත් කරමින් වාර්තාව සකසා තිබීම, එම වාර්තාවේ නිර්දේශවලට අනුව අමාත්‍යවරුන් දෙදෙනෙකුට ඉවත් වන්නැයි නියෝග කිරීම සහ චෝදනා සනාථ නොවූ අමාත්‍යවරුන් දෙදෙනෙකුගේද අමාත්‍යධූර මසකට අහෝසි කිරීම යන හේතුන් මත මෙම මහ ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභංගය බාර දී ඇති බවද උතුරේ දේශපාලන ආරංචිමාර්ග කියා සිටීයි
මෙම විශ්වාසභංගයට පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීන් 21 දෙනෙකු අත්සන් තබා ඇති අතර දෙමළ ජාතික සන්ධානයේ තමිල් අරසු කච්චි පක්ෂයේ නියෝජිතයින් බහුතරයක් අත්සන් යොදා ඇති අතර එම පක්ෂයේ නායකත්වයේ පෙලබවීමක් මත මෙම විශ්වාසභංගය ගෙන ඒමට මුල්වී ඇති බවද පැවසේ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
උතුරු මහ ඇමැතිට විශ්වාසභංගයක්
nihal Thursday, 15 June 2017 04:51 AM
උපන් රටට ගරුනොකරන - මහජනයා හර්තාල් වලට උසිගන්වන - තමුන් ඔය තනතුරේ ඉන්නේ ශ්‍රීලංකා හමුදාවේ ජයග්‍රහණය නිසබව අමතකව ක්‍රියාකරන ........මේ පුද්ගලයාව අනිවාර්යෙන්ම ඉවත්කළ යුතුය ...,