IMG-LOGO

උතුරු - නැගෙනහිර හර්තාලයෙන් ජන ජීවිතය අඩාල වෙයි

 ( ජවුෆර් ඛාන්,සිතුම් චතුරංග, රොමේෂ් මධුෂංඛ) 
 

උතුරු නැගෙනහිර අතුරුදන් වූවන්ට සාධාරණය ඉටුකරන ලෙස හා හමුදා බාරයේ ඇති ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලා උතුරු නැගෙනහිර පළාත්වල අද(27) හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වෙයි.
 
මේ හේතුවෙන් වෙළෙඳ සැල්,පාසැල් හා කාර්යාල වසා දමා ඇති අතර දුර පළාත් සඳහා ගමනා ගමන සේවාවන් ද සිදුනොවෙයි.
 
මීට අමතරව යාපනය-මහනුවර මාර්ගය අවහිර කර වවුනියාව තැපැල් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් ද පැවැත්වෙයි.
 
දෙමළ ජාතික සභාව විසින් සංවිධානය කරන ලද මෙම හර්තාල් ව්‍යාපාරයට උතුරු නැගෙනහිර වෙළඳ සංගම්, බස් සංගම් , ත්‍රී රෝද රථ සංගම් , ගුරු සංගම් ඇතුළු ස්වේච්ඡා සංවිධාන රැසක සහය ලැබී ඇත.

දෙමළ ජාතික සන්ධානය,ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය,සමස්ත ලංකා ජනතා කොංග්‍රසය හා දෙමළ ජනතා පදනම ඇතුළු පක්ෂ රැසකද සහය මෙම හර්තාල් ව්‍යාපාරයට ලැබී ඇත.

විසඳුම් ඉල්ලා ජනතාව සත්‍යග්‍රහ කළද රජය නිහඩ පිළිවෙතක් අනුගමනය කිරීම නිසා මෙසේ හර්තාලයක් ක්‍රියාත්මක කළ බව දෙමළ ජනතා සභාව පවසයි.

 

(ඡායාරූප - රොමේෂ් මධුෂංක)   වවුනියාව

 

(ඡායාරූප - ජවුෆර් කාන් ) මඩකලපුව
 

(ඡායාරූප - සිතුම් චතුරංග ) වවුනියාව තැපැල් කාර්යාලය අසල පාර අවහිර කරමින් සිදු කරන වි‍රෝධතාවය



අදහස් (11)

උතුරු - නැගෙනහිර හර්තාලයෙන් ජන ජීවිතය අඩාල වෙයි

harthal Thursday, 27 April 2017 05:22 AM

ඉතින් අපිට මොකෝ. හර්තාල් කරාම එහෙ ඉන්න එවුන්ටම තමා කන්න නැති වෙන්නෙ.

:       0       0

Waruna Thursday, 27 April 2017 05:33 AM

මේ අයට කඳුළු ගැස් නැතිද.? උතුරට කිරි අපිට කැකිරි තමයි වගේ

:       0       0

kumar (galf) Thursday, 27 April 2017 05:46 AM

මේ රට ජාතිය කා දමන ජාතිවාදී ගව රැලක්.

:       0       0

nuwan Thursday, 27 April 2017 05:55 AM

ඔය අතුරුදහන් වුණු අය 99% ඉන්නේ යුරෝපේ!!

:       0       0

SIRI Thursday, 27 April 2017 06:49 AM

මට හිතෙන විදියට මෙයාලගේ ඉල්ලීම් ඉක්මනින් ඉටු වේවි.හැබැයි මොවුන් සතුටු කිරීමට මස් රාත්තලම දෙන්න වෙයි.

:       0       0

Thushara Thursday, 27 April 2017 07:30 AM

පුදුම වැඩක්... එතකොට උතුරු -නැගෙනහිර පාලනය වෙන්නේ වෙනමද.? හර්තාල් වලට රජයේ ආයතන වහන්න අවසර තියෙනවද..?

:       0       0

de silva Thursday, 27 April 2017 07:45 AM

පළවෙනිදාට පස්සේ ඔය ගොල්ල ගැන බලාගන්න පරණ හිතවතෙක් පත්කර ඇත,

:       0       0

විද්‍යාචක්‍ර Thursday, 27 April 2017 07:55 AM

අද උතුරේ දෙමළ ජාතිකයින් පිරිසක් A9 මාර්ගය අවහිර කොරගෙන උදඝෝෂණය කොරනවා... කඩ නෑ... බස් නෑ... ත්‍රීවීල් නෑ... කෝ මේ අපේ පොලීසිය තාම උසාවියෙන් තහනම් නියෝග අරගෙනත් නෑ,.. පිරිස විසුරුවා හරින්න ජල බවුසරේ ගෙනල්ලත් නෑ... සිංහල අපි පාරක් වහගෙන උදඝෝෂණය කොලානම් කොහොම හිටීද..?

:       0       0

Deepal Nirosh Thursday, 27 April 2017 08:42 AM

කෝ මේ එනවයි කියපු එස් එෆ් ?

:       0       0

සමන් Thursday, 27 April 2017 11:16 AM

හර්තාල් කරාම නැතිවෙච්ච අය පෝලිමේ හවසට ඒවිද?

:       0       0

Sam Thursday, 27 April 2017 12:10 PM

මේවා දකුණෙන් ලැබුණු අභාෂ. කොළඹ වර්ජන දැන් එහාටත් පුරුදුවෙලා වගේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 67 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 626 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 128 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site