(ටී.කේ.ජී.කපිල )
කුවේට් රාජ්යයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ අල් ජසීරා ගුවන් සේවයේ ගුවන් යානය තුළ එහි ගමන් ගත් ගෘහ සේවිකාවක අද අලුයම දරු ප්රසූතියක් සිදු කර තිබේ .
ඇය මීට වසර දෙකකට පමණ පෙර , එනම් 2024 වසරේ කුවේට් රාජ්යය වෙත ගෘහ සේවය සදහා ගොස් තිබූ , ත්රිකුණාමලය ප්රදේශයේ පදිංචි 30 හැවිරිදි වියේ පසුවන කාන්තාවකි .
ඇය අද අලුයම 02.52 ට කුවේට් රාජ්යයේ , කුවේට් සිටි ගුවන් තොටුපොළේ සිට , අල් ජසීරා ගුවන් සේවයේ ජේ.එන්.- 551 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබුණි .
මෙවැනි දරු ප්රසූතිය සදහා ආසන්න කාන්තාවන් ගුවන් ගමන් සදහා සහභාගී කර නොගන්නා අතර , ඇය සිය ගර්භණී බව ගුවන් සේවා නිලධාරීවරුන් හට සැගවීම සදහා , ඇයගේ සිරුරට තද වන ආකාරයේ " ඩෙනිම් " වර්ගයේ කළිසමක් ඇද සිට තිබේ .
මෙම දරු ප්රසූතිය ගුවන් සේවිකාවන්ගේ සහායෙන් , කිසිදු කරදරයකින් තොරව ගුවන් යානය තුළ දී සිදු කෙරුණ අතර , ගුවන් නියමුවා විසින් ඒ බැව් කටුනායක ගුවන් තොටුපොළ දැනුවත් කර , ගුවන් යානය ගොඩබසිනවාත් සමගම , ගිලන් රථ , වෛද්යවරුන් සහ හෙදියන් ගුවන් යානය අසළටම කැදවා , සූදානම් කර තැබීමට පියවර ගෙන තිබුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උඩු ගුවනේ නං ඉතිං අර ක්රිකට් ක්රීඩකයාගෙ වෙන්නැති..
වාසනාවන්ත දරුවට අභය දානය ලැබුනා.හොඳ යහපත් ගුණාංග ඇති යුවලක් මෙය මහගු අවස්ථාවක් කරගන්න.තෙරුවන් සරණයි!
බබා ගේ තාත්තත් ගුවන් යානයේ හිටියද දන්නේ නැහැ. නැත්තන් ගෙදර ගියහම වෙනදේ හිත ගන්න පුළුවන්නේ