
(ඩබ්ලිව්. ඒ. අසේල සහ ටි.එච්.සරත්)
උඩුවෙල ප්‍රාදේශීය රෝහල ඊයේ (4) සවස සිට වසා දැමූ බවට ගේට්ටුවේ දැන්වීමක් දමා එහි වෛද්‍යවරයා රෝහලෙන් පිටව ගොස් ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
මේ හේතුවෙන් එම ප්‍රදේශයේ පිරිස් දැඩි කලබලයට පත්ව සිටිති. රෝහල් අසලට රැස්වූ ගම්වාසීහු විරෝධතාවක නිරත වූහ.
මෙම රෝහලේ දන්ත වෛද්‍යවරයකු ඇතුලු වෛද්‍යවරුන හතර දෙනෙකු සේවය කරන අතර සමස්ත කාර්ය මණ්ඩලය පහලොස් දෙනකු පමණ වන බව රෝහල් ආරංචි මාර්ග කියයි.
රෝහල් වසා දමා ඇති බවට ප්‍රදේශවාසින්ට ආරංචි වීමත් සමග ඔවුන් මේ බව තලාතුඔය පොලීසියට දැනුම් දී පොලිස් නිලධාරීන් ද සමග රෝහලට ගොස් ඇති අතර එහිද එක් හෙදියක් හා තවත් සේවකයන් දෙදෙනෙකු පමණක් සිට ඇත.
උඩුවෙල ප්‍රදේශය දුෂ්කර ප්‍රදේශයක් වන අතර රටේමුල්ල, වතුලියද්ද ගාල්තැන්න, මොණරංගල, උඩුවෙලවත්ත, පූලියද්ද සහ වැල්දබල වැනි බොහොමයක් ගම්මාන වල රෝගීන් හදිසි ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන්නේ මෙම රෝහලට වේ.
මේ පිලිබදව සොයා බැලීම සදහා මහනුවර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරියෙක් එහි පැමිණි වහාම වෙනත් වෛද්‍යවරයකු අනුයුක්ත කොට රෝහලේ කටයුතු යථා පරිදි කරගෙන යාමට සැලැස්වූ අතර රෝහල් වසා දමා ගිය වෛද්‍යවරයා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බව ද පැවැසීය.


2025 නොවැම්බර් මස 04
81
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2022
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1563
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උඩවෙල රෝහල වසා දොස්තර ගෙදර ගිහින්