IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


උඩරට මාර්ගයේ දුම්රිය දෙකක් අවලංගුයි

(ප්‍රසාද් රුක්මල් )

උඩරට දුම්රිය මාර්ගයේ නානුඔය බදුල්ල සහ බදුල්ල නානුඔය අතර ධාවනය වන දුම්රියන් දෙකක් අද (3) අවලංගු කළ බව නාවලපිටිය  දුම්රිය පාලන මැදිරිය පවසයි .

බදුල්ල සිට මහනුවර බලා පෙරවරු  11.45 ට ධාවනය වීමට නියමිතව තිබූ අංක 1596 දරණ භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය සහ නානුඔය සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක 1126 දරණ භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය මෙසේ අවලංගු කළ බවද දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේය .

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වන අංක 1126 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය අද (3) දින අලුයම  මහනුවරින් නියමිත වේලාවට නොමැතිව පෙරවරු 8.ට පමණ පැය කීපයක් ප්‍රමාද වී ධාවනය වීම සහ කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වූ අංක 1045 දරන රාත්‍රි තැපැල් දුම්රිය කාර්මික දෝෂයකට ලක්වී ප්‍රමාද වී බදුල්ලට පැමිණිමත් නිසාවෙන් මෙසේ බදුල්ල  නානුඔය සහ නානුඔය බදුල්ල අතර භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රියන් දෙක අවලංගු කළ බව දුම්රිය පාලන මැදිරිය පැවසීය .



අදහස් (0)

උඩරට මාර්ගයේ දුම්රිය දෙකක් අවලංගුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1637 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 560 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 643 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site