
(සමන් පාලිත නානායක්කාර,යොහාන් භාසුර සහ ප්‍රසාද් රුක්මල්)
උඩරට දුම්රිය මාර්ගයට හාලිඇළ - දෙමෝදර දුම්රිය ස්ථාන දෙක අතර දී අද සවස පස් කන්දක් කඩා වැටී දුම්රිය ගමනා ගමනය සම්පූර්ණයෙන් අවහිර වී ඇති බව දුම්රිය පාලක මැදිරිය කියයි.
මේ හේතුවෙන් බදුල්ල සිට කොළඹ බලා ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය ඇල්ල දුම්රිය ස්ථානයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවද දුම්රිය පාලක මැදිරිය කියයි.
දැනට බදුල්ල බලා ධාවනය වෙමින් තිබෙන පොඩි මැණිකේ දුම්රිය ඇල්ල දක්වා පමණක් ගොස් ඇල්ල දුම්රිය ස්ථානයෙන් ආපසු හැරවීමට සැලසුම් කර තිබේ.
දුම්රිය මාර්ගයට නානුඔය දුම්රිය ස්ථානයට ආසන්නයේදී ද පස් කන්දක් කඩා වැටී ඇති බැවින් එම ස්ථානයේ අවහිර තාව කඩිනමින් ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතින බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය කියයි.


2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
737
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
361
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
උඩරට දුම්රිය අදත් අතරමඟ නවතින හැඩ