IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


ඊළඟ සති හතරේ බිලියන 50ක් වියදම් කරන්න සල්ලි තියෙනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඊළඟ සති හතරේ බිලියන පනහක් පමණ ආණ්ඩුවට වියදම් කරන්න මුදල්  තිබෙන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

2025 අයවැයේ වියදම් කරගන්න නොහැකිව ඉතිරි වූ මුදල් තිබෙනවා.හදිසි අවශ්‍යතාවයන් සහ නිවාස ගෙවල් ශුද්ධ කර ගැනීම් සඳහා වියදම් කරන්න  රුපියල් බිලියන 30 ක් පමණ දැන් භාණ්ඩාගාරයේ තිබෙනවා. තවත් බිලියන විස්සක් විතර වෙන තැන් වලින් ගන්න පුළුවන්.

මේ අනුව බිලියන පනහක් විතර ඊළඟ සති හතරේ වියදම් කරන්න හැකියාව තිබෙනවා.ඒනිසා රජයට අවශ්‍ය සියලුම මුදල් තියෙනවා.මුදල් නොගෙවා ඉන්න කිසිම කාරණයක් නැහැ.ඒක නිසා පීඩාවට පත් ජනතාවගේ ඇත්ත මුදල් අවශ්‍යතා සොයා ඒවාට ගෙවන්න.මූලික ගැටලුව එන්නේ 2026 සඳහායි.මොකද සියයට 13ක ප්‍රාථමික වියදම් සීමාවක් පනවා තිබෙනවා.අයි.එම්.එෆ් ගිවිසුම තියෙන්නේ ඒ සමගයි.තවත් රුපියල් බිලියන 300ක් හෝ 500ක් එන වසරේ වියදම් කරන්න හැකිනම් ඊට පාර්ලිමේන්තු අනුමැතිය ගැනීමේ කිසිම ගැටළුවක් නැහැ යනුවෙන් ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (10)

ඊළඟ සති හතරේ බිලියන 50ක් වියදම් කරන්න සල්ලි තියෙනවා

Ruwan R Wednesday, 03 December 2025 04:44 PM

මෙයා කවද්ද මේ ආණ්ඩුවේ මුදල් ඇමැති වුනේ ..?

:       6       35

Hira Wednesday, 03 December 2025 04:57 PM

වැඩ නැත... කයිය ඇත.

:       13       20

කුඩුමල්Wednesday, 03 December 2025 05:34 PM

ඔව්, කට විතරයි. මහ බැංකුවටත් වැඩේ දුන්නේ මේ අයගේ කාලෙනේ.

:       3       19

Sunaa Wednesday, 03 December 2025 05:02 PM

කට පියාගෙන පාඩුවේ ඉන්න.. මහදැනමුත්තා වගේ එනවා උපදෙස් දෙන්න.

:       6       35

කපුරුහාමි Wednesday, 03 December 2025 05:22 PM

කොහොමද දන්නේ නැහැ දැන ගත්තේ? දිව්‍යඣානේ පහළ වෙලා ඇති? දූෂිතම පවුල් පාලන ආණ්ඩුව කාලේ නම් මෙහෙම උනේ නැහැ.

:       2       22

මැක්ස් Wednesday, 03 December 2025 05:35 PM

මෙයා වඩාත් සුදුසු වන්නේ ආණ්ඩු පක්‍ෂයට. මක්නිසාද යත් අනුර කුමාර ප්‍රමුඛ වැඩ බැරි මාලිමා කයිවාරු නඩයට මොහු ද ගැලපෙන නිසා.

:       23       6

fairoos Wednesday, 03 December 2025 05:56 PM

ඔබතුමා කියන කන් තමයි හිටියේ...

:       1       9

C.K.Lankaputhra Wednesday, 03 December 2025 06:02 PM

අන්න අන්න, බුද්ධිමත් දේශපාලන ඔලුවක්. මොන පක්ෂයේ වුණත් ගොන් ටෝක්ස් වලින් බැහැරවෙලා පක්ෂ, පාට නැතුව කතාකරනවා. පාර්ලිමේන්තුවට අවශ්‍ය මේ වගේ අය. ඒකට ඉන්නවා කඳ බඩ තියන හෝ නැති සෙට් එකක්. ඔවුන්ව දැක්කොත් බල්ලොත් බත් කන්නේ නෑ.

:       6       9

Rata Perata Wednesday, 03 December 2025 06:38 PM

ජනාධිපති කියන එකම කියන්න තව කෙනෙකුත් හිටියාට කමක් නෑ.

:       4       6

සංඛ Wednesday, 03 December 2025 08:28 PM

මෙන්න මහ දැන මුත්තා... ඇත්තටම මහා බොරු කයිවාරු කාරයෙක්. ආණ්ඩුවේ මුදල් අමාත්‍යාංශයේ මුදල් කලමනාකරනය ගැන දැනන් අය ඉඳිද්දි මෙයා නිකම් මහදැනමුත්තා වෙන්න හදනවා. අමුම අමු මොලේ උදුම්ම ගත්තු මනුස්සයෙක්... ලොක්කා වෙන්න පොර ටෝක් දෙනවා. කියන්න ලැජ්ජයි...

:       2       6

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6143 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 318 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 347 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1281 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site