(විමුක්ති එස් රුද්‍රිගු)
ඊශ්‍රායලයට 2023 වසරේ ඔක්තෝබර් 7 වැනිදා එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය සැලැසුම් කිරීමේ මහා මොළකරුවකු ලෙසා හැඳින්වෙන රාද් සාද් නම් ජ්‍යෙෂ්ඨ හමාස් සාමාජිකයෙකු පෙරේදා (13) එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් මියගිය බව ඊශ්‍රායලය ආරක්ෂක හමුදාව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
රාද් සාද් හමාස් කසාම් රෙජිමේන්තුවේ අණදෙන නිලධාරියකු ලෙස කටයුතු කර ඇතැයි ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පැවැසුවේය. සාද් හමාස් අවි නිපදවීමේ ප්‍රධාන මූලස්ථානය බාරව කටයුතු කර තිබෙන බවත් හමාස් සංවිධානයේ අවි සැපයුම නැවත යථා තත්වයට පත් කිරීමට සාද් උත්සාහ කර තිබෙන බවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළේය.
සාද් හමාස් සංවිධානයේ නියෝජ්‍ය නායකයා ලෙස සැළකෙන බවද ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පැවැසුවේය. 2023 ඔක්තෝබර් 7 වන දින හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයේදී එරට වැසියන් 1,200 ක් පමණ ඝාතනය කළ අතර තවත් දළ වශයෙන් එරට වැසියන් 250 ක් ප්‍රාණ ඇපයට ගෙන තිබිණි.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයේ මහමොළකරු මරුට