IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


‘‘ඉසඩ් ලෙඩේ නිට්ටාවට සුව කරනු“

ඉසෙඞ් ස්කොර් කඩඉම් ලකුණු අගය සම්බන්ධ  ගැටලූ නිරාකරනය  කිරීම සඳහා සකස් කළ විසඳුම් යෝජනාවලිය ඇතුලත් අවසන් වාර්තාව ලබන තුන්වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත්  කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විශ්විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවට අද දැනුම් දුන්නේය. නැවත ගණනය කළ ඉසෙඞ් ස්කෝර් අගය හේතුවෙන් අසාධාරණයට පත්වු සිසුන් 382 දෙනෙකු ගොනු කළ මුලික අයිතිවාසිකම්  පෙත්සම් අද (30) අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක, හා කේ.ශ්‍රීපවන් විනිසුරු මඩුල්ල හමුවේ  කැඳවූ   අවස්ථාවේදී මෙම තීන්දුව ලබාදෙන ලදී. එහිදී නීතිපති අධිකරණයට දැනුම්දී සිටියේ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව, පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන් එක්ව ඉසෙඞ් ස්කෝර් අර්බුදය විසඳිමේ යෝජනා ඇතුළත් වාර්තාව කඩිනමින් සකස් කරමින් සිටින බවය. එම වාර්තාව අවසන් වාර්තාවක් විය යුතු බවත්  ඉන් කිසිවකුගේ  අයිතිවාසිකම් කඩවූ එකක් නොවිය යුතු බවත් ඉන් හැකි තරම් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගත හැකි එකක් විය යුතු බව අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය පැවසුවාය.



අදහස් (0)

‘‘ඉසඩ් ලෙඩේ නිට්ටාවට සුව කරනු“

සහන් Friday, 31 August 2012 06:41 AM

වැඩේ අවුල් කරගෙන වගෙයි. (නි)

:       0       0

සුනිල් Friday, 31 August 2012 06:43 AM

ඔබට කිසි දිනෙක නිසි පිළිතුරක් නොලැබෙනු ඇත. (නි)

:       0       0

දමිත් Friday, 31 August 2012 07:19 AM

ඉක්මණට සුදුසු තීරණයක් දෙන්නකෝ. අපි අවුරුද්දක් විතර ගෙදරනේ. (නි)

:       0       0

ශාන් Friday, 31 August 2012 07:23 AM

අධිකරණය ගැන කළකිරීමක් ඇති වුණා.රට ටික ටික විනාශ වෙනවා, නීතිය අන්ධ නිසා. පවට අනුබල දෙන, වැරදි තීරණ දෙන සියල්ලන්ට ඔවුන් කවුරුන් වුවද, හිමි වන්නේ නිරයයි..!! (නි)

:       0       0

ලුම්බිණි Friday, 31 August 2012 08:19 AM

ජනාධිපතිතුමාගේ එක නියෝගයකින් බිලි පුජාව නැවතුණා. ඇයිද දන්නේ නැහැ මේ ප්‍රශ්නේ ඒ වගේ විසඳන්නේ නැත්තේ? (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 30 August 2012 07:11 PM

අගවිනිසුරුතුමිය හරි..

:       0       0

පද්මි Friday, 31 August 2012 09:50 AM

දෙමවුපියන් අඩනවා. ළමයි ටික අඩනවා. අපි ඉතිං ප්‍රතිචාර දානවා. (නි)

:       0       0

රිස්වාන් - සවුදි Thursday, 30 August 2012 07:43 PM

අධ්‍යාපන ඇමතිවරුන් තුන් දෙනෙක්ම ඉන්නේ. ඉතිං අධිකරණයට මොකද තීරණය දෙන්න බාර කළේ? (නි)

:       0       0

උදයංග Friday, 31 August 2012 10:50 AM

නොතේරුණ හැක කෙනෙක්ටම කැම්පස් යන්න දෙන්න, නැත්නම් එයාලගේ ජිවිතේ අනතුරක වැටෙනවා. අනික රජයට විශාල කැලලක් (අ)

:       0       0

කුරේ නාවලගේ Thursday, 30 August 2012 08:44 PM

අනේ මම හදුනන දරුවෙකුත් මේ ප්‍රශ්න වලට මැදිහත් වෙලා ඉන්නවා. අනේ ජනපතිතුමනි, ඉක්මණින් මේ ප්‍රහ්නය විසදා දෙන්න. (නි)

:       0       0

තුසිත තෙර Thursday, 30 August 2012 09:39 PM

විභාගයට පෙනී සිටි දරුවන්ගේ අභාගයද මේ? (නි)

:       0       0

සේපාලි Thursday, 30 August 2012 09:52 PM

අනේ අපිත් බලන් ඉන්නේ සාධාරණයක් වෙනකල්. ළමයින්ගේ කාලයෙන් අවුරුද්දක් කියන්නේ මහා ලොකු කාලයක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site