
පාකිස්තානයේ ක්‍රියාත්මක සුන්නි මුස්ලිම් ජායිෂ් අල් අඩ්ල් සන්නද්ධ කණ්ඩායමේ සාමාජිකයන් පිරිසක් ඝාතනය කිරීමට ඉරාන හමුදාව පියවර ගෙන ඇත. ඒ, ඉරාන පාකිස්තාන දේශ සීමාවේ, පාකිස්තානයට අයත් ප්‍රදේශයේදීය.
ඝාතනය කළ පිරිස අතරේ ජායිෂ් අල් අඩ්ල් නායකයකු වන ඉස්මයිල් ෂබකාස් ද සිටින බව පැවැසෙයි. මේ සම්බන්ධයෙන් පාකිස්තානය මෙතෙක් කිසිවක් පවසා නැත.
පාකිස්තානය සහ ඉරානය මායිම් වන්නේ බලුක්සිස්තාන ප්‍රාන්තයෙනි. බලුකිස්තාන ප්‍රාන්තය ඉරානයට අයත් කොටසක් ලෙසත් පාකිස්තානයට අයත් කොටසක් ලෙස වෙන් වෙන්ව පවතී.
මීට සති කීපයකට පෙර, ඉරානයත් පාකිස්තානයත් අතර මිසයිල ප්‍රහාර හුවමාරු විය. ඒ බලුකිස්තානයේ සන්නද්ධ කණ්ඩායම් ඉලක්ක කර ගනිමිනි. දෙරට අතර එම ප්‍රහාරය රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් තෙක් දුරදිග ගියේය.
(එන්.ඩී.ටීවී.)
COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.