
ඉරානය, ඔවුන්ගේ මිසයිල වැඩසටහන තවත් පියවරක් ඉදිරියට ගෙන යමින්, ඔවුන්ගේම තාක්ෂණයෙන් නිපදවූ විශේෂ ‘ජීව කැප්සියුලයක්’ සාර්ථකව අභ්‍යවකාශයට යැවීය.
කිලෝ 500 ක් බර මෙම කැප්සියුලය, නිර්මාණය කරන ලද්දේ, ඉරාන ගගන පර්යෛ්ෂණ ආයතනයේ විද්‍යාඥයන් බව පැවැසෙයි. මෙය එරට විද්‍යා සහ තාක්ෂණ ආයතනය යටතේ පවතින ආයතනයකි. ‘ජීව කැප්සියුලය’ ආධාරයෙන් සතුන් අභ්‍යවකාශ යැවුණු බව ඉරාන රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඉරානය මේ අයුරින් අත්හදා බැලීම් සිදු කරන්නේ, දිනෙක අභ්‍යවකාශ වැඩසටහනක් යටතේ ගගනගාමීන් අභ්‍යවකාශයට යැවීම සහ ගෙන්වා ගැනීම අපේක්ෂාවෙනි. ඉරානය, මේ වනතුරු වැඩියෙන්ම, අභ්‍යවකාශයට යවා ඇත්තේ වඳුරන්ය. 2010 දීත් පසුව 2013 වසරේ දීත් වඳුරන් අභ්‍යවකාශයට යවා ඉරානය අත්හදා බැලීම් සිදු කර තිබේ.
(ප්‍රෙස් ටීවී)
COMMENTS
අපට බැරිවෙයිද වඳුරෝ ඉරානෙට අපනයනය කරන්න ?
බලමුකො ඒ රටවල හැටි. බර මනින්නත් දිග මනින මිම්මම පාවිච්චි කරනවා. අන්න සරල මිනිස්සු!
කතෘ, කිලෝ මීටර් 500 ක් බරයි ??
"කිලෝ මීටර් 500 ක් බර" ????????????????????
කිලෝමීටර් 500 බර වැඩි නැද්ද?
අපෙ චිචි මහතයගෙන් උපදෙස් ගත්තා නම් මෙලහකටත් ඉරානය මිනිස්සු අභ්‍යවකාශයට යවලා.
ඔක මොකක්ද පිනාගෙ අභාවකාශ තාක්ශනයට ජීව කැප්සූල් රොකට් මොනවත් නැතුව සියලුම අත්‍යවශ්‍ය භාන්ඩ අභ්ය්කාශ ගත කෙරුව දැන් වසරකට විතර පෙර....
ලංකාවේ මනුශ්‍යන්ට වැඩිය ලංකාවේ වඳුරන්ට මොලේ තියනවා කවදා හරි ලෝකේ නිව්ස් එකක් යයි හනුමන්ලා හඬත් ඇල්ලුවා කියලා