
ඇමෙරිකා ඊශ්‍රායල ඉරාන යුද්ධය සම්බන්ධයෙන් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චී සහ රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝෆ් අතරේ සාකච්ඡාවක් පැවැත්විණි.
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක් වී ඉරානයට පහර දීම සිදු කරන්නේ පසුගිය පෙබරවාරි 28 වැනිදා සිටය. දින 37 කට වැඩි කාලයක් තිස්සේ පවතින එම යුද ගැටුම් සම්බන්ධයෙන් විදෙස් අමාත්‍යවරුන් දෙදෙනා අතරේ සාකච්ඡා පැවැත්විණි.
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයේ න්‍යෂ්ටික බලාගාර සහ විද්‍යා ආයතන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරයි. ඊට අමතරව, ඇමෙරිකාව සහ ඊශ්‍රායලය දිගින් දිගටම ඉරානයෙ පාසල්, විශ්ව විද්‍යාල ඇතුළු අධ්‍යාපන ආයතන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරයි. එම ප්‍රහාරවලින් සිදුවනු ජීවිත හානි සහ දේපොළ හානි සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්විණි.
අර්බුදය සාමකාමීව විසඳා ගැනීමට අවශ්‍ය පූර්ණ සහාය ඉරානයට ලබාදෙන බව රුසියන් විදේශ අමාත්‍යවරයා ඉරාන විදේශ අමාත්‍යවරයාට අවධාරණය කළ බව ද පැවැසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"රුසියාව සාම සාකච්ඡා" වෙනුවෙන් කළු මෝල්ලුන්ගේ ඉරානයට සහයෝගය ලබා දෙන බව කියන මෙම චූර්ණිකාව, එහි විදේශ ඇමැති යයි කියා ගන්නා ගොබ්බයා කළේ කටින්ද, " *කෙන්ද" කියා මගේ ආච්චි අහනවා. රුසියාවේ එළිපත්ත වන යුක්රේනය සමග, මිනීමරු, ඒකාධිපති boss වන පුටින් වසර හතරකටත් වඩා කාලයක් කරගෙන යන, තවමත් පශ්චාත් භාගය බිම ඇනගෙන තිබෙන දුර්දාන්ත යුද්ධය මෙම රුසියානු මැටිමෝල් රංචුවට අමතක වුණාද කියලා ආතා අහනවා...