
පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ලාහෝරයේ පිහිටි නිවසට පොලිසිය කඩා වැදුණේය. පොලිසිය හිටපු අග්‍රාමාත්‍යවරයාගේ නිවසට කඩා වදිද්දී, අග්‍රාමාත්‍යවරයා සිටියේ ඉස්ලාමාබාද් අගනුවර අධිකරණය හමුවේය. ඒ, දූෂණ වංචා චෝදනා සම්බන්ධයෙන් පැවැත්වුණු නඩුව විභාග වූ බැවිනි.
පොලිස් නිලධාරීන් බලහත්කාරයෙන් ඉම්රාන් ඛාන්ගේ නිවසට කඩා වැදුනු අවස්ථාවේ ඉම්රාන්ගේ බිරිඳ බුෂ්රා බෙලම් නිවසේ සිටියාය. ඉම්රාන්ගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂ ආධාරකරුවන් පිරිසක් ද නිවසේ සිටි අතර, ඔවුන් පොලිසියට හරස් වුණු අවස්ථාවේදී දෙපාර්ශ්වය අතර ගැටුමක් ඇතිවිය.
පොලිස් ප්‍රහාරයකින් ආධාරකරුවෝ 10 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කෙරුණාහ. අත්අඩංගුවට ගැණුනු ගණන 30 කි.
පසුගිය දින කීපය පුරා පොලිසිය උත්සාහ ගත්තේ ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමටය. ඒ, ඔහු එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මඟ හැර සිටි බැවිනි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd