(විමුක්ති එස් රුද්‍රිගු)
නැවත වරක් පොලිසිය තම නිවස වටකර ඇතැයි පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.
තමන් නැවත වරක් අත් අඩංගුවට පත්වීමට පෙර තබන අවසන් ට්විටර් සටහන මෙය විය හැකි යැයි ඔහු පවසා තිබේ.
ඉම්රාන් ඛාන් ගේ සමන් පාර්ක් නිවස පොලිසිය වටකර ඇතැයි පකිස්තාන මාධ්‍යද වාර්තා කර ඇත.
පසුගිය දා පැවති විරෝධතා වලදී හමුදාවට පහර දුන් ත්‍රස්තවාදීන් 30 ත් 40 ත් අතර ප්‍රමාණයකට පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් තම නිවසේ රැකවරණය සපයන බවට බුද්ධි අංශ තොරතුරු අනාවරණය කර ගෙන ඇතැයි බලධාරීන් චෝදනා කර ඇත.
ඉම්රාන් ඛාන්ගේ නිවසට නැවත වරක් පොලිසිය යෑම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරමින් පාකිස්තාන බලධාරීන් මෙම චෝදනා එල්ල කර තිබේ.
ත්‍රස්තවාදී ක්‍රියා සිදු කළ එම ත්‍රස්තවාදීන් නීතියට බාර කිරීමට ඉම්රාන් ඛාන්ට පැය 24 ක කාලයක් ලබා දෙන බවත් ඔවුන්ව බාර නොදුනහොත් සමන් පාක් නිවසේ සැඟවී සිටින ත්‍රස්තවාදීන් අත් අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කරන බවත් බලධාරීන් පවසා ඇත.
තාරීක් ඊ ඉන්සාෆ් පක්ෂය පවසා ඇත්තේ ඉම්රාන් ඛාන්ට එල්ල කරන මෙම චෝදනා දේශපාලන උණුසුම තවත් වැඩි කරනු ඇති බවයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඉම්රාන් යළි අත්අඩංගුවට ගැනීමේ උත්සහායක්?