IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


ඉන්දීය සංචාරකයන් ගෙන්වන්න රාම මාවත එළදකී

(අංජුල මහික වීරරත්න)

ඉන්දු - ශ්‍රී ලංකා ආගමික සහ සංස්කෘතික සබැඳියාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් සහ මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින් ලෝකයේ අති නවීන තාක්ෂණික හා සංචාරක ක්‍රමවේදයක් සමඟින් ශ්‍රී රාමායන් ට්‍රේල්ස් (ශ්‍රී රාමායන මංපෙත) ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කිරීම කොළඹ, ටාජ් සමුද්‍රා හෝටලයේ දී සිදු විය.

ඉන්දියාවේ අයෝධ්‍යයා හි සුවිශාලතම ශ්‍රී රාම පූජා මන්දිරයේ ප්‍රධාන භාණ්ඩාගාරික ස්වාමි ගෝවින්ද් දේව් ගිරි මහාරාජ් ස්වාමිතුමාගේ මගපෙන්වීම යටතේ මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා එක් විය.

“ශ්‍රී රාමායන් මංපෙත” වන්දනා චාරිකා ව්‍යාපෘතිය මඟින් රාමායන වීර කාව්‍යයේ සඳහන් වන ශ්‍රී ලංකාව පුරා පිහිටි ප්‍රධාන ස්ථාන නවයක් හින්දු භක්තිකයින්ගේ වන්දනාව සහ සංචාරය සඳහා ප්‍රචලිත කිරීම සිදු කෙරෙන අතර අධ්‍යාත්මික හා සංස්කෘතික උරුමයන් පිළිබඳ උනන්දුවක් දක්වන මිලියන සංඛ්‍යාත ඉන්දියානු සහ ජාත්‍යන්තර සංචාරකයින් මෙරටට ආකර්ෂණය කර ගැනීම එහි අරමුණයි. 

මෙම සිද්ධස්ථානවල සංචාරය කිරීමට අවස්ථාව ලබාදීමට අමතරව, මෙම ඓතිහාසික සිද්ධස්ථාන හා බැඳුණු පැරණි අධ්‍යාත්මික සිදුවීම් කෘත්‍රිම බුද්ධිය (AI), Augmented reality, සහ Virtual reality වැනි අති නවීන තාක්‍ෂණය ඔස්සේ සජීවීකරණයට ලක්කර පෙන්වීම හරහා මෙම සංචාරයෙහි නිරතවන්නන් හට නවමු අත්දැකීමක් ලබා දීමට සැලසුම් කර ඇත. 

මෙම වන්දනා චාරිකා ව්‍යාපෘතිය සඳහා මන්නාරම් ද්‍රෝණියේ පිහිටි ආදම්ගේ පාලමේ සිට නුවරඑළිය ප්‍රදේශයේ පිහිටි සීතාඑළිය දක්වා රාමායන වීර කාව්‍යයේ සඳහන් සෑම ස්ථානයක්ම තෝරාගෙන ඇත.



අදහස් (4)

ඉන්දීය සංචාරකයන් ගෙන්වන්න රාම මාවත එළදකී

රාවණා Tuesday, 23 April 2024 09:07 AM

වැදගත් සල්ලි තියන මහරාෂ්ටු, මධ්‍ය ප්‍රදේශ් වැනි පළාත්වල ඉන්න ජනයා පැය ගණන් මග ගෙවාගෙන මේ පාලම දිගේ එන්නේ නැහැ. මේකෙ එන්නේ කොළරාව වැනි රෝගයි, අන්ත අසරණ මෙහේ රස්සා හොයාගෙන එන දුගියොයි විතරයි. අන්තිමේ තේදළු නෙලීම වගේ අමාරු රැකියාවලට උන් යයි. එතකොට දළු නෙලීම වැනි රැකියා කරන ලාංකිකයන්ට රැකියා නැතිවෙන එක විතරයි වෙන්නෙ.

:       0       0

saman Tuesday, 23 April 2024 03:23 PM

සංචාරක ව්‍යාපාරය කොහොම වෙතත් මෙකෙන් බොරු සමාජගත වීම නම් වෙනවා. රාම රාවණා කතා ලංකාවේ පැතිරුණේ ගොඩක් වෙලාවට මහනුවර යුගයේ මෙරටට පැමිණි ද්‍රවිඩ සංක්‍රමණිකයෝ මාර්ගයෙන් සහ ඊට පස්සේ ආපු වතු කම්කරුවන් නිසා..

:       0       0

රාලහාමි Tuesday, 23 April 2024 04:55 PM

ඕන කෙනෙක් ආපුවාවේ ටුවරිස්ට්ලා කියලා.., හැබැයි පාරේ කක්කා කරලා අහුවුණොත් ඒවා කවනවා ඒ අයට...

:       0       1

සරත් කුමාර Tuesday, 23 April 2024 06:17 PM

මට නම් මේක හරියට, පොලොන්නරුවේ මිනිස්සු ගල් විහාරේ පහු කරගෙන, ඩුප්ලිකේට් ගල් විහාරේ බලන්න නැදිමාලට එනවා වගේ වැඩක්. දැං ඉන්දියාවෙන් සංචාරකයෝ ගේන්ඩ අපි රාමායනය මාකට් කරන්නයි යන්නේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 46 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 152 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1008 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site