
ඉතාලියේ පැවැත්වෙන 'ජී7' සමුළුවට සහභාගී වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් අතර හමුවක් පැවැත්විණි.
අග්‍රාමාත්‍ය මෝදි, පාප්තුමා වැලඳ ගැනීමට ද අමතක කළේ නැත. මෝදි සහ පාප්තුමන් හමුව සිදුවූයේ 'ජී7' රාජය නායක සමුළුවට සමගාමීවය.
ඉන්දිය සංචාරයක් සඳහා පැමිණෙන්නැයි අග්‍රාමාත්‍ය මෝදි පාප්තුමා ට ඇරයුම් කිරීමට ද අමතක කළේ නැත. අසනීප තත්ත්වයෙන් පසුවුවත් පාප්තුමා එම ආරාධනය පිළිගත් බව වතිකානය කියයි.
(එන්.ඩී.ටීවී)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.