IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ඉන්දීය ධීවරයන්ට වෙඩි තැබුවැයි නාවික හමුදාවට චෝදනා

(සිරාජ් හසීම්)

ඉන්දියා මුහුදු සීමාවෙන් මසුන් මරමින් සිටි ඉන්දියා ධීවරයන් පිරිසකට ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් වෙඩි තබා ඇතැයි දකුණු ඉන්දියාවේ ධීවරයෝ චෝදනා කරති. නාවික හමුදාවේ වෙඩි තැබීමෙන් එක් ධීවරයකු මිය ගිය බව ද ඔවුහු කියති.

රාමේෂ්වරම්හි පදිංචි ඉන්දීය ධීවරයින් පිරිසක් ධනුෂ්කොඩි  ආසන්න මුහුදේ මසුන් මරමින් සිටියෙදී යාත්‍රා හතරකින් පැමිණි නාවික හමුදා කණ්ඩායමක් මුහුදු සීමාවට අනවසරෙන් ඇතුළුවන්නේ දැයි විමසා ඊයේ (06) රාත්‍රියේ වෙඩි තබා ඇති බවත් මෙනිසා   ඉන්දීය ධීවරයෙකු මරණයට පත්වී තවත් ධීවරයෙකු තුවාල ලබා ඇති බවත් තමිල්නාඩු මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙලෙස මරණයට පත්ව ඇත්තේ තමිල්නාඩුවේ තංගච්චිමඩම් හි පදිංචි බිරිට්ජෝ නැමති 22 හැවිරිදි ධීවරයෙකු වන අතර එම ධීවරයාගේ මරණ පරීක්ෂණය රාමේෂ්වරම් රෝහලේදී සිව්පුද්ගල වෛද්‍ය කණ්ඩායමක් විසින් සිදුකර ඇත.  

මෙම සිද්ධියෙන් පසු ධීවරයන් නොසන්සුන්වී ඇති හෙයින් තමිල්නාඩුවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට මෙන්ම බෞද්ධ  විහාරස්ථානවලට පූර්ණ ආරක්ෂාවක් ලබා දී ඇතැයි තමිල්නාඩු මාධ්‍ය වාර්තා කරයි.

මෙය සිදුව ඇත්තේ ඉන්දීය මුහුදු සීමාවේ වන බැවින් මීට නාවික හමුදාවේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් මෙනිසා මෙහි වගකීම   නාවික හමුදාවට බාරගත නොහැකි බවත් උතුරේ ජ්‍යෙෂ්ඨ නාවික හමුදා ප්‍රකාශකයෙක් පැවසීය. 

දකුණු ඉන්දියා ධීවරයන් එල්ල කරන චෝදනාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් චමින්ද වලාකුළුගේ මහතා පවසයි.  මෙරට මුහුදු සීමාවට ඇතුළු වන ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවට බලයක් ඇතත් කිසිදු අවස්ථාවක වෙඩි තැබීමේ බලයක් නැතැයි ද වලාකුළුගේ මහතා කියයි.



අදහස් (1)

ඉන්දීය ධීවරයන්ට වෙඩි තැබුවැයි නාවික හමුදාවට චෝදනා

ravin Tuesday, 07 March 2017 12:09 PM

වෙඩි තැබුවේ කොහේදිද? ඉන්දියන් සාගර කලාපය තුලදීද? කොපමණ දුරක් ලංකා දේශ සීමාවේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31339 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13559 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11007 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 958 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 282 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site