IMG-LOGO

‘ඉන්දියා ධීවරයන්ගෙන් මත්ස්‍ය සම්පත බේරා දෙන්න‘

ඉන්දියාවේ ධීවර සංගම් විසින් ආක්‍රමණකාරී ලෙස උතුරු මුහුදේ මසුන් ඇල්ලීමට විරුද්ධව යාපනයේ ධීවරයින් විසින් අද    යාපනය දිසා ලේකම් කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් සිදුකලහ.

මෙම විරෝධතාවයේදී ඉන්දියාවේ  ධීවරයින්ට මෙරට මුහුදු සීමාවට ඇතුළුවීම වළක්වාලීමට පියවර ගන්නැයි බලකරමින් පෙත්සමක් ද භාරදුන්හ. ඉන්දියාවේ මතස්‍ය කර්මාන්තකරුවන් ඍජුවම මෙරට මුහුදු සීමාවට ඇතුළු වී මෙරට මතස්‍ය කර්මාන්තය විනාශ කරන ආකාරයෙන් කටයුතු කරන බවත් මෙනිසා පාරම්පරික ධීවර කර්මාන්තය ආරක‍ෂාකර ගන්නා ලෙසත් මොවුන් තවදුරටත් බලකර සිටියහ.

මේ අතර ගැඹුරු මුහුදේදී මසුන් ඇල්ලීමට යන ධීවරයින් පන්නා දැමීම සහ ඔවුන්ට හංසා කරන බවට චෝදනා කරමින් තමිල්නාඩු ධීවරයින් හෙට 08 වනදා වැඩ වර්ජනයක් සිදුකිරීමටද නියමිතය.

 



අදහස් (0)

‘ඉන්දියා ධීවරයන්ගෙන් මත්ස්‍ය සම්පත බේරා දෙන්න‘

යහපාල Friday, 07 October 2016 08:21 PM

තව ටික කාලයක් ඉවසලා ඉන්න. ගිවිසුම අත්සන් කෙරුවට පස්සේ මුළු රටේ වැඩි දෙනෙක් ඔයාලත් එක්ක එකතුවෙලා අනේ අපේ රටම බේරලා දෙන්න කියලා හඬා වැටෙමින් අහසට අත් දික්කරන කාලයක් එනවා. හැබැයි ඒ වෙනකොට දෙවියන්ට කියමින් හූල්ලනවා ඇර වෙන කරන්න දෙයක් නැහැ. මෙදා දුන්නොත් ගන්නවා බොරු. ලංකාවට අබ සරණයි ! (නි)

:       0       0

බමුණු ආරච්චි Friday, 07 October 2016 11:08 PM

අර අහවලා කිවුවා වගේ අපේ මුහුදු සීමාවට අාවොත් වෙඩි තියමුද? (නි)

:       0       0

එඩ්වඩ් Friday, 07 October 2016 11:11 PM

ඉන්දියාව ළංකරගන්න කලින් මෙහෙම නම් පසුවට කොහොම වෙයිද? (නි)

:       0       0

මැගී Friday, 07 October 2016 11:11 PM

උතුරේ මහා ඇමති සිංහලයන්ට විරුද්ධව කරන අරගල පැත්තකින් තියලා අපි හැමදෙනාම ශ්‍රී ලාංකිකයෝ කියන හැඟීමෙන් උතුරේ ධීවරයන්ගේ මෙම ප්‍රශ්නයට ඉන්දියාව සමඟ සාකච්චා කරලා විසඳුමක් ලබාදුන්නොත් නරකද? මොකද හැමදාමත් මෙහෙම අහිංසක ධීවරයන්ට ඉන්දීය ධීවරයන්ගේ තාඩන පීඩන වලට ලක්වෙලා වැඩ කරන්න බැහැනේ. (නි)

:       0       0

නිහාල් Saturday, 08 October 2016 08:48 PM

අද ඔයාලගේ මාළු විතරයි කන්නේ. හෙට අනිද්දට එට්කා අත්සන් කළාම අපේ මාළු එයාලා කනවා. (නි)

:       0       0

රූපවතී Saturday, 08 October 2016 02:15 AM

ඔය උතුරේ ඉඳලා බොරුවට ඊළාම් වෙනුවෙන් පිබිදෙන විග්නේශ්වරන් මේවා ගැන සද්දවත් නැහැ නේද? (නි)

:       0       0

සජී Saturday, 08 October 2016 02:25 AM

අපේ අසල්වැසි රට අපිට ගොඩක් වෙලාවට කරන්නෙම හොඳ දේවල් නෙමෙයි (නි)

:       0       0

රමන් Saturday, 08 October 2016 04:14 AM

අරහේ විග්නේශ්වරන් කියනවා සිංහලයන් උතුරට එන්න එපා කියලා. ඉතින් එයා කැමතිවෙයිද මේක එක රටක ප්‍රශ්නයක් කියන්න.(හේ)

:       0       0

සමරගේ Saturday, 08 October 2016 04:15 AM

තමිල්නාඩු ධීවරයෝ වැඩ වර්ජනය කරාම කාටද පාඩු.(හේ)

:       0       0

චන්දන Saturday, 08 October 2016 07:48 AM

යස පාඩම! තව තව ඉස්සරහට ඉල්ලන් කයි හොඳට (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Saturday, 08 October 2016 07:58 AM

ඉන්දියාව සමඟ භාණ්ඩ සහ සේවා ගිවිසුම් ගැසීමෙන් ලංකාවට අනිවාර්යෙන් විශාල ආර්ථික සහ සමාජීය ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වේ. ජනාධිපතිතුමාට සහ ශ්‍රීපනිපෙට පුළුවන් මේක නවත්වන්න. නමුත් ඔවුන් මේ ගැන නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව පෙනේ. අඩුමතරමේ මේ ගැන ජනමත විචාරණයක් තබන්න (නි)

:       0       0

අතුල Friday, 07 October 2016 04:06 PM

අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ගගන Friday, 07 October 2016 06:12 PM

පුදුමයි ඔවුන්ගේ කට ඇරිලා දැන්. මෙච්චරකල් අපිනේ කෑ ගැහුවේ (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Friday, 07 October 2016 07:14 PM

ඕක විග්නේශ්වරන්ට, වෛකෝට සහ ජයලලිතාට කියන්න. එතකොට විග්නේශ්වරන් යාපනයේ පෙළපාලියක් යයි. ලංකාවේ දෙමළ ජනතාව වෙනුවෙන් සිය ජීවිතය උනත් පරිත්‍යාග කිරීමට නොපැකිළෙන වෛකෝ සහ ජයලලිතා ඉන්දීය වෙරළාරක්ෂකයන්ට දැනුම් දෙයි ඉන්දීය ධීවරයන්ට ඉන්දීය මුහුදු සිමාවෙන් ඉවතට යන්න දෙන්න එපා කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 89 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1009 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site